Press "Enter" to skip to content

රටට ඕන මැද මාවතක් – විපක්ෂ නායක

Center for Poverty Analysis හරහා සිදු කළ පර්යේෂණයක් තුළින් අපේ රටෙහි දුප්පත්කම ගැන සෘජු දත්ත ඇති බවත් මේ දත්ත මගින් හෝ අප රටක් ලෙස පාඩමක් ඉගෙන ගත යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

අන්ත දක්ෂිණාංශික හෝ අන්ත වාමාංශික ප්‍රතිපත්ති රටට ඔබින නොවන බවත් දකුණ සහ වම යන වචන භාවිත කිරීම මෝස්තරයක් වී ඇති බව පැවසු සජිත් මහතා මේ වාමාංශික සහ දක්ෂිණාංශික ක්‍රමවල පවතින හොද ගුණාංග ගෙන සෘණාත්මක දේ පසෙකලා මැද මාවතේ එනම් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී මාවතේ යා යුතු බව වැඩිදුරටත් පැවසුවා.

මානුෂීය ධනවාදය තුළ ධනය උත්පාදනය ආර්ථික වර්ධනය වේගවත් කිරීම මෙන්ම වෙළදපෙලේ ඉල්ලුමට සැපයුමට පමණක් බාර දී මෙම ධනය පහළට කාන්දු වෙයි කියන සිතුවිල්ල රටට සුදුසු නොවන බව ද විපක්ෂ නායකවරයා සඳහන් කළා.

ආර්ථික විශේෂඥයන් පිරිසක් සමග ශ්‍රී ලංකාවේ ආර්ථික ගැටලු හා දිළිඳුකම පිටු දැකීම පිළිබඳව හමුවකදී ඔහු මෙම අදහස් පළ කර සිටියා.

පාර්ලිමේන්තුවේ සහ ඉන් පිටත අවස්ථා ගණනාවක අස්වැසුම විද්‍යාත්මක නොවන බවට පෙන්වා දුන් බවත් IMF සහ ලෝක බැංකු ආදී මූල්‍ය ආයතනවලට මේ අස්වැසුම ගැන අවබෝධයක් ලබා ගත නොහැකි වී ඇති බවත් මෙහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දුන්නා.

එහිදී ඔහු වැඩිදුරටත් පැවසුවේ මේ සංඛ්‍යාලේඛන අනුව අස්වැසුම වැඩසටහනේ සිටිය යුතු 58%කට අස්වැසුම නොලැබීම බරපතළ ගැටලුවක් බවත් අස්වැසුම හා සමෘද්ධියේ අඩුපාඩුකම් ඇති බවත් අස්වැසුම සමෘද්ධියේ අඩුපාඩුවලින් පාඩම් ඉගෙන ගෙන නැති බවත් 23%ක් නුසුදුස්සන් ද අස්වැසුම ලබන බවත් ය.

රජයෙන් ද ජාත්‍යන්තර මූල්‍ය ආයතනවලින් ණය ගෙන අස්වැසුම දෙන බවත් මෙහි තෝරා ගැනීමේ ගැටලු ඇති නිසා විදුලි බිල කේන්ද්‍ර කර ගෙන සහන ලබා දිය යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පවසා සිටියා.

රජය බංකොලොත් රටේ සුදුසු අයට අස්වැසුම දෙනවා වෙනුවට නුසුදුසු අයට අස්වැසුම දෙන බවත් මෙය ගැටලුවක් බවත් අස්වැසුම පාර්භෝජන වැඩපිළිවෙළක් පමණක් වුනත් මෙහි ආයෝජනය නිෂ්පදනය අපනයනය ඉතිරි කිරීමද තිබිය යුතු බවත් ඊට අමතරව සදාකාලීක සහන නොලබා කිසියම් කාලයක් තුළ සවිබල ගැන්විය යුතු බවත් එහිදී ඔහු සඳහන් කළා.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *