Press "Enter" to skip to content

තව බද්දක් එයි

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවති මාධ්‍ය හමුවකදී, පරිසර අමාත්‍යාංශයේ ලේකම් කේ.ආර්. උඩුවාවල මහතා ප්‍රකාශ කළේ, සුපිරි වෙළෙඳසැල් ඇතුළු ව්‍යාපාරික ස්ථානවලින් නිකුත් කෙරෙන සිලි සිලි මලු භාවිතය පාලනය කිරීම සඳහා මුදල් අමාත්‍යාංශයට බද්දක් හෝ අධිභාරයක් පැනවීමට යෝජනා කර ඇති බවයි.

මෙම යෝජනාවට අනුව, අනාගතයේදී සුපිරි වෙළෙඳසැල්වලින් ප්ලාස්ටික් බෑග් නොමිලේ ලබාදීමක් සිදු නොවන අතර, ඒ සඳහා නිශ්චිත මිලක් නියම කෙරෙනු ඇත.

මෙම තීරණයට ප්‍රධාන හේතුව වී ඇත්තේ, සුපිරි වෙළෙඳසැල් හරහා විශාල ලෙස පරිසරයට එක්වන ප්ලාස්ටික් බෑග් ප්‍රමාණය අවම කිරීමයි.

මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම සඳහා මුදල් අමාත්‍යාංශය සහ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ඇතුළු අමාත්‍යාංශ කිහිපයක් සමඟ සාකච්ඡා පැවැත්වූ බව ලේකම්වරයා සඳහන් කළේය.

නීතිමය විධිවිධාන සම්පාදනය කිරීම සඳහා පනත් සංශෝධනය කිරීමට අවශ්‍ය වන බැවින්, එම ක්‍රියාවලිය සම්පූර්ණ වන තෙක් මෙම බද්ද හෝ අධිභාරය පැනවීම යෝග්‍ය බවට යෝජනා වී ඇත.

ප්ලාස්ටික් බෑග් සඳහා අවම මිලක් නියම කිරීමට පවතින වර්තමාන නීතිමය ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවන බවත්, මෙම වැඩපිළිවෙල ලෝකයේ වෙනත් බොහෝ රටවල සාර්ථකව ක්‍රියාත්මක වන බවත් ලේකම්වරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

More from දේශීය පුවත්More posts in දේශීය පුවත් »
More from ප්‍රධාන පුවත්More posts in ප්‍රධාන පුවත් »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *