Press "Enter" to skip to content

කිසිම ජාති­වාදී අර­ග­ල­යක් ඇතිවීමට ඉඩ තබන්නේ නෑ – ජන­පති කියයි

පුරා­වස්තු හෝ ආග­මික ස්ථාන කේන්ද්‍ර කර ගනි­මින්, අද දව­සේද, තැනින් තැන ජාති­වාදී ගැටුම් ඇවි­ළ­වී­මට ඇතැ­මුන් උත්සාහ කළද උතුරේ, දකුණේ නැ‍ඟෙන­හිර හෝ කවර ප්‍රදේ­ශ­යක වුවද කිසිදු අන්ද­ම­කින් ජාති­වා­ද­යට යළි ඉඩ නොත­බන බව ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා අව­ධා­ර­ණය කළේය.

ජනා­ධි­ප­ති­ව­රයා මෙම අද­හස් පළ­කළේ යුද්ධ­යෙන් අව­තැන්වූ උතුරු සහ නැ‍ඟෙන­හිර පවුල් නැවත පදිංචි කිරීම වෙනු­වෙන් නිවාස 2500ක් ඉදි­කි­රීම ඇතු­ළුව රට පුරා නව නිවාස 31,218ක් ඉදි­කි­රීමේ ‘තම­න්ගෙම තැනක් – ලස්සන ජීවි­ත­යක්’ ජාතික නිවාස වැඩ­ස­ට­හන 2026 සමා­ර­ම්භක අව­ස්ථා­වට පසු­ගි­යදා (16) පෙර­ව­රුවේ චාව­ක­ච්චේ­රිය, මීසාලේ, වීර­සිංහ ප්‍රාථ­මික විදු­හල් ක්‍රීඩාං­ග­ණ­යේදී එක්වෙ­මිනි.

එහි දී වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා මෙසේද කීවේය.

“යුද්ධයේ දී විශාල නිවාස ප්‍රමා­ණ­යක් හානි­යට පත් වුණා. නමුත් විශාල කාල­යක් ගතවී තිබු­ණත් එම නිවාස මුළු­ම­නින් ඉදි­කර අව­සන් කර නැහැ. මම දන්නවා මේ යාපන දිස්ත්‍රි­ක්කයේ ජීව­ත්වන ජන­තාව යුද්ධය කාල­යේත් අව­තැන්වී සිටියා. යුද්ධ­යෙන් පසු­වත් අව­තැන් වී සිටි­නවා. දීර්ඝ කාල­යක් තම­න්ගේම වූ නි‍ෙව­සක් නොමැ­තිව, තම­න්ටම වූ තැනක් නොමැ­තිව පවු­ලක් ජීවත් වීම එත­රම් යුක්ති­ස­හ­ගත දෙයක් නොවෙයි. ඒ නිසා අපේ කාලය ඇතු­ළත, යුද්ධ­යෙන් අව­තැන්වී සිටින සියලු ජන­තා­වගේ නිවාස ප්‍රශ්නය විස­ඳ­නවා.

මම දන්නවා මේ ප්‍රදේ­ශ­වල සිටින ජන­තාව විශාල බලා­පො­රො­ත්තු­ව­කින් සහ අපේ­ක්ෂා­ව­කින් යුතුව මේ ආණ්ඩුව පත් කර ගැනී­මට දාය­ක­ත්වය ලබා දුන්නා. දීර්ඝ කාල­යක් මේ පළා­ත්වල සිදු වුණේ පව­තින ආණ්ඩුව සමඟ විරුද්ධ, ආණ්ඩුව සමඟ එකඟ නොවන මත­වා­ද­යක් ඇති­වී­මයි. එය වැරදි නැහැ. ආණ්ඩුව ජාති­වා­දය පෝෂ­ණය කර­නවා නම්, ආණ්ඩුව ජන­තා­වගේ දේපොළ සොර­කම් කර­නවා නම් ආණ්ඩුව පොදු ජන­තාව ගැන කල්පනා කරන්නේ නැතිව ඒ අය ගැන විත­රක් කල්පනා කර­නවා නම් ජන­තාව සහ ආණ්ඩුව ඈත්වීම වළ­ක්වන්න බැහැ. ඒවා ජන­තා­වට විරුද්ධ ආණ්ඩු. ගැටුම් හදන ආණ්ඩු. තමන්ගේ පවුලේ අය වෙනු­වෙන් විත­රක් හදා­ගන්න ආණ්ඩු. හැබැයි අද ලංකාවේ පළමු වතා­වට මේ රටේ පොදු ජන­තා­වගේ ආණ්ඩු­වක් හැදිලා තිබෙ­නවා.

මම දන්නවා මැති­ව­ර­ණ­ව­ලදී විශේ­ෂ­යෙන් උතුරේ ජන­තාව තුළ අප පිළි­බඳ යම් කුකු­සක්, දෙගි­ඩි­යා­වක් සැක­යක් තිබෙන්න ඇති. අපි බල­යට ගේන්න ඡන්දය දුන්නත් යම් සැක­ය­කින් යුතුව ඡන්දය දෙන්න ඇති. දැන් අපි ආණ්ඩුව හදලා වස­ර­කට ටිකක් වැඩි කාල­යක් ගත වී තිබෙ­නවා. තවත් සැක­යක් තිබෙ­න­වද? අද පළමු වතා­වට යාප­නයේ සිටින ඔබ විශ්වාස කරන ආණ්ඩු­වක් රටේ හැදිලා තිබෙ­නවා. අපි ඔබට එකක් කිය­නවා. පළමු කොටම අපි අසී­රු­වෙන් ජීව­ත්වන ජන­තා­වගේ ජීවිත සුව­පත් කළ යුතුයි. ඒ සඳහා ආණ්ඩුක් ලෙස කළ හැකි සෑම දෙයක්ම අපි කර­නවා.

ගෙයක් නැති කෙන­කුට ගෙයක් ලබා දෙන්න අපි කට­යුතු කර­න්නම්. දරු­වන්ට හොඳ අධ්‍යා­ප­න­යක් ලබා දිය යුතුයි. ඒ වෙනු­වෙන් වැඩිම මුදල් ප්‍රමා­ණ­යක් අපි මෙවර අය-වැයෙන් වෙන් කර තිබෙ­නවා. ජන­තා­වට හොඳ ආදා­යම් මාර්ග­යක් සකස් කර දිය යුතුයි. විශේ­ෂ­යෙන් කෘෂි­ක­ර්මා­න්තය, පොල් කර්මා­න්තය, ධීවර සහ කුඩා කුඩා සුළු කර්මාන්ත මේ ප්‍රදේ­ශ­වල ජන­තා­වගේ ප්‍රධාන ජීව­නෝ­පාය මාර්ග බවට පත්ව තිබෙ­නවා. අපේ ආණ්ඩුවේ අර­මුණ එම සෑම කර්මා­න්ත­යක් සඳ­හාම අවශ්‍ය සහාය ලබාදී ඔවුන්ගේ ජීවන තත්වය මීට වඩා උසස් කිරී­මයි. අපි ඒ වෙනු­වෙන් වැඩ කරන ආණ්ඩු­වක්.

දීර්ඝ කාල­යක් ගැටුම් තිබුණා. අපි කිසි­ව­කුට ප්‍රති­ඵ­ල­යක් ලැබුණේ නැහැ. මොන­වද ඒ ගැටු­මෙන් අපිට ඉතිරි වුණේ. නිවාස අහිමි වූ පවුල්, අම්මා, තාත්තා අහිමි වූ දරු­වන්, ආර්ථි­කය මුළු­ම­නින්ම කඩා වැටිලා, ඥාතීන්, මිතු­රන් අහිමි වෙලා. උතු­රේත්, දකු­ණේත් ජන­තාව මේ යුද්ධයේ ගොදුරු බවට පත් වුණා. ඒ මුළු විනා­ශ­යම පිටු­පස තිබුණේ දේශ­පා­ල­නය, බලය ලබා ගැනීම. බලය ලබා ගැනීම වෙනු­වෙන් සිංහල ජන­තාව උසි­ග­න්ව­නවා. බලය ලබා ගැනීම වෙනු­වෙන් දෙමළ ජන­තාව උසි­ග­න්ව­නවා. මෙවන් ජාති­වාදී දේශ­පා­ල­න­යක් තිබුණා.

සිය­ලු­දෙනා සහෝ­ද­ර­ත්ව­යෙන්, සම­ගි­යෙන් ජීව­ත්වන රටක් අපිට අව­ශ්‍යයි. ඒ වගේම හොඳ ආර්ථි­ක­යක් තිබෙන විනෝ­දය, සතුට තිබෙන ජීවි­ත­යක් අපිට අව­ශ්‍යයි. අපි මේ යාප­නයේ විශාල ක්‍රීඩාං­ග­ණ­යක් ඉදි­කි­රී­මට සැල­සුම් කර තිබෙ­නවා. එහි වැඩ­ක­ට­යුතු අපි මේ වසර තුළ ඉතා වේග­යෙන් අව­සන් කර­නවා. දරු­වන්ට ක්‍රීඩා කරන්න, තමන්ගේ සතුට, විනෝ­දය එක් කර ගැනී­මට එම අව­ස්ථාව අපි ඇති කළ යුතුයි. ඒ වගේම යාප­නය නග­රයේ ගෘහස්ථ ක්‍රීඩාං­ග­ණ­යක් ඉදි­කි­රී­මට අපි සැල­සුම් කළා. නමුත් දේශ­පා­ල­ක­යන් විසින්ම අධි­ක­ර­ණ­යට ගිහින් නඩු­වක් දැම්මා. ඒ ගෘහස්ථ ක්‍රීඩාං­ග­ණය යාප­නයේ දරු­වන්ට අව­ශ්‍යයි. හැබැයි දේශ­පා­ල­ක­යන් නඩු දානවා. ඒ කියන්නේ ඔවුන් කරන්නේ ජන­තා­වට විරුද්ධ දේශ­පා­ල­න­යක්. අපි ඉතා ඉක්ම­නින් ඒ නඩුව අව­සන් කර ඒ ආසන්න තැනක එම ගෘහස්ථ ක්‍රීඩාං­ග­ණය මේ වසරේ ඉදි­කර අව­සන් කිරී­මට සැල­සුම් කර තිබෙ­නවා.”

නිවාස, ඉදි­කි­රීම හා ජල සම්පා­දන ඇමැති වෛද්‍ය සුසිල් රණ­සිංහ මහතා-

“ජාතික නිවාස වැඩ­ස­ට­හන යටතේ අද දිනයේ දී යුද්ධය නිසා අව­තැන් වූ උතුරු නැ‍ඟෙන­හිර ජන­තාව වෙනු­වෙන් නිවාස ඉදි­කි­රීම සඳහා ආධාර ලබා දීම සිදු වෙනවා. රට තුළ නිවාස ව්‍යාපෘති දෙකක් ක්‍රියා­ත්මක වන අතර ඒ යටතේ පසු­ගිය කාලයේ ඇති වූ සුළි කුණා­ටු­වෙන් ඇති වූ ආපදා තත්වය තුළ නිවාස අහි­මි­වූ­වන් වෙනු­වෙන් වූ නිවාස වැඩ­ස­ට­හන හා අද ආරම්භ කරන ජාතික නිවාස වැඩ­ස­ට­හන ක්‍රියා­ත්මක වෙනවා. මෙම ජාතික නිවාස වැඩ­ස­ට­හන අමා­ත්‍යංශ පහක් යටතේ ක්‍රියා­ත්මක වන අතර එයින් නිවාස 31,218ක් ඉදි­කි­රී­මට බලා­පො­රොත්තු වෙනවා. එයට යුද්ධ­යෙන් අව­තැන්ව නිවාස අහිමි වූ උතුරු නැ‍ඟෙන­හිර ජන­තාව වෙනු­වෙන් නිවාස 2,500ක් ඉදි­කි­රීමේ වැඩ­ස­ට­හන පව­ති­නවා. ඒ සඳහා එක් නි‍ෙව­ස­කට රුපි­යල් ලක්ෂ 20 බැගින් රුපි­යල් මිලි­යන 5,000ක් වෙන්කර තිබෙ­නවා.”

යාප­නය දිස්‍ත්‍රික් පාර්ලි­මේන්තු මන්ත්‍රී කේ. ඉලං­කු­ම­රන් මහතා-

යුද්ධ­යෙන් අව­තැන් වූ පවුල් දහ­නව දහ­සක් පමණ උතුරු නැ‍ඟෙන­හිර පළාත් දෙකෙහි ජීවත් වෙනවා.

ඒ අත­රින් 2,500ක් සඳහා මේ වස­රේදී නිවාස ලබා දීමට රජය සැල­සුම් කර තිබෙ­නවා.

මීට පෙර නිවාස ව්‍යාපෘති සඳහා ලැබුණ මුදල නි‍ෙව­සක් ඉදි කිරි­මට ප්‍රමා­ණ­වත් වුණේ නැහැ. ඒ නිසා ජනා­ධි­ප­ති­ව­රයා ඒ ආධාර මුදල ලක්ෂ දහයේ සිට පහ­ළොව දක්වාත් ඉන්පසු ලක්ෂ විස්ස දක්වාත් වැඩි කර­මින් ජන­තා­වට වඩාත් හොඳ ජල විදුලි පහ­සු­කම් සහිත නි‍ෙව­සක් ඉදි­කර ගත හැකි තත්ව­යක් උදා­ක­රදී තිබෙ­නවා.”

නිවාස, ඉදි­කි­රීම් හා ජල සම්පා­දන අමා­ත්‍යාං­ශයේ ලේකම් එල්.බී. කුමු­දු­ලාල් මහතා උත්සව සභාව පිළි­ග­නි­මින් අද­හස් දැක්වීය.

මෙම අව­ස්ථාව සඳහා ධීවර, ජලජ සහ සාගර සම්පත් ඇමැති රාම­ලිං­ගම් චන්ද්‍ර­සේ­කර්, නිවාස නියෝජ්‍ය ඇමැති ටී. බී. සරත්, උතුරු පළාත් ආණ්ඩු­කාර නාග­ලිං­ගම් වේත­නා­ය­හන්, යාප­නය දිස්ත්‍රික් පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­රුන් වන ජෙය­ච­න්ද්‍ර­මූර්ති රජී­වන්, ෂන්මු­ග­නා­දන් භව­න­න්ද­රාජා, සිව­ඥා­නම් ශ්‍රීධ­රන්, ජී.ජී. පොන්න­ම්බ­ලම්, උතුරු පළාත් සභාවේ ප්‍රධාන ලේකම් තනුජා මුරු­ගේ­සන් මහත්ම මහ­ත්මීන් ඇතුළු උතුරු පළාතේ මහ­ජන නියෝ­ජි­ත­යන් සහ යාප­නය දිස්ත්‍රික් ලේකම් එම්. ප්‍රදී­පන් මහතා ඇතුළු රාජ්‍ය නිල­ධා­රීහු සහ ප්‍රදේ­ශ­වාසී ජන­තාව විශාල පිරි­සක් එක්ව සිටි­යහ.

උපාලි කරු­ණා­රත්න

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *