Press "Enter" to skip to content

අධ්‍යා­පන ප්‍රති­සං­ස්ක­රණවලට විරුද්ධ වන බල­වේග පරා­ජය කළ යුතුයි

නව අධ්‍යා­පන ප්‍රති­සං­ස්ක­රණ ආරක්ෂා කර­ගෙන එයට විරුද්ධ කුඩා බල­වේග පරා­ජය කර ජය­ග්‍ර­හ­ණය කළ යුතු බවත් එය ජාතික සංව­ර්ධ­නයේ අඩි­තා­ලම බවට පත්ක­ර­ගත යුතු බවත් සෞඛ්‍ය හා ජන­මාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජය­තිස්ස මහතා පැව­සීය.

අමා­ත්‍ය­ව­රයා මේ බව කියා සිටියේ ‘අනා­ග­තය ඔබයි-ඉගෙන ගන්න- හෙට දිනන්න ’මැයෙන් මහ­නු­වර තැපැල් ශ්‍රව­ණා­ගා­ර­යේදී පෙරේදා (17) දින පැවති අධ්‍යා­පන ප්‍රති­සං­ස්ක­රණ කති­කා­වට එක්වෙ­මිනි.

එහිදී වැඩි­දු­ර­ටත් අද­හස් පළ කළ අමා­ත්‍ය­ව­රයා මෙසේ ද පැව­සීය.

‘මේ අධ්‍යා­පන ප්‍රති­සං­ස්ක­ර­ණ­ව­ලින් අපි බලා­පො­රොත්තු වෙන්නේ 21 වැනි සිය­වස හා ඉන් ඔබ්බට ගිය ලෝකය ජය­ග්‍ර­හ­ණය කළ හැකි ආකා­රයේ පුර­වැ­සි­යන් පිරි­සක් නිර්මා­ණය කිරී­මයි. අපේ රටේ තිබෙන සාර­ධර්ම හා සංස්කෘ­තිය මත පද­නම්ව අනෙකා කෙරේ සහ­ක­ම්ප­න­යක් ඇති වෙන ලෙස රටේ තිබෙන විවිධ ජාති, ආගම්, සංස්කෘ­තී­න්ව­ලට ගරු කරන පුර­වැ­සි­යන් පිරි­සක් නිර්මා­ණය කරන්න අපිට අව­ශ්‍යයි.

මේ අධ්‍යා­පන ප්‍රති­සං­ස්ක­ර­ණය කියන්නේ හරි­යට වැඩෙන දරු­වෙක් වගේ. නමුත් අවා­ස­නා­ව­කට මුළු මහත් සමා­ජ­යම එකතු වෙලා වැඩෙන දරුවා ආරක්ෂා කර­ග­න්නවා වෙනු­වට ඉතාම සීමිත කල්ලි­යක් විසින් ඒ වැඩෙන දරු­වගේ ශරී­ර­යට විෂ­බී­ජ­යක් එන්නත් කරන්න හද­නවා.

සජිත් ප්‍රේම­දාස මහ­ත්තයා මේ ප්‍රති­සං­ස්ක­ර­ණ­ව­ලට අලුත් වච­න­යක් හඳුන්වා දෙනවා අධ්‍යා­ප­නයේ අස­භ්‍ය­ක­ර­ණය කියලා. විමල් වීර­වංශ මහ­ත්ත­යත් ඒ වගේම දෙයක් කිව්වා. ඒ දෙන්නා දේශ­පා­ලන නිවුන්නු. රටක අනා­ග­තය වෙනස් කරන්න ගෙනා අධ්‍යා­පන ප්‍රති­සං­ස්ක­ර­ණ­ව­ලින් අල්ලා ගත්තු කෑල්ල මොකක්ද? එකම තැන තමයි 6 වසරේ ඉංග්‍රීසි මොඩි­යු­ලය. ඒකේ තිබෙ­නවා දරු­ව­කුට මිතු­රෙක් සොයා ගැනී­මට තිබෙන පාඩ­මක වච­න­යක්. ඒ වච­නය දාපු එකත් වග­කීම් විර­හි­තයි.

ජාතික අධ්‍යා­පන ආය­ත­න­යට තමයි ඒ සම්බ­න්ධව ක්‍රියා කිරී­මට බලය තිබෙන්නේ. ඒකට සම්බන්ධ නිල­ධා­රීන්ට ඒ ආය­ත­නය විසින් විනය ක්‍රියා­මාර්ග ගනිවි. නමුත් විෂය 14ක් සහිත සියලු පොත්වල අස­භ්‍ය­ක­ර­ණය කියලා හඳු­න්වන්න තියෙන එකම තැන තමයි ඒ වච­නය. පොතක පිට­ක­ව­රය පාට කිහි­ප­ය­කින් තිබෙන නිසා සම­හර අයට හැඟී­මක් එන­වලු සම­ලිං­ගි­ක­යන්ගේ කොඩිය වගේ කියලා. මේක කියන්නේ හිටපු ආණ්ඩු­කා­ර­ව­ර­යෙක්. මේකට ද අධ්‍යා­ප­නයේ අස­භ්‍ය­ක­ර­ණය කියන්නේ. ඕක තමයි පාවිච්චි කළේ මේ සමස්ත අධ්‍යා­පන ප්‍රති­සං­ස්ක­ර­ණ­ව­ලට එරෙ­හිව.

ගම්ම­න්පිල මහ­ත්තයා කිය­නවා, පළමු වැනි ශ්‍රේණියේ පොතේ පරි­ස­ර­යට අදාළ ක්‍රියා­කා­ර­ක­ම්වල දරුවෝ එළි­යට ගිහින් බලන්න තියෙන දේවල් අතරෙ වලා­කුළු, ගංගා, ඇළ දොළ, ගහ­කොළ, සතා­සී­පාවා අතර දේදු­න්න­කුත් තියෙ­නවා. ඒ දේදුන්නේ පාට සම­ලිං­ගික කොඩියේ පාටලු. මේවා කාට කිය­න්නද? ඕවා තමයි පාවිච්චි කළේ මේ සමස්ත අධ්‍යා­පන ප්‍රති­සං­ස්ක­ර­ණය කියන වැඩෙන දරු­වාට විෂ­බීජ එන්නත් කරන්න.

ඒ අය කැමැති නැහැ, සූදා­නම් නැහැ මේ රට සංව­ර්ධ­නය කරන්න. 21 වැනි සිය­ව­සෙන් ඔබ්බට යන පුර­වැ­සි­යකු නිර්මා­ණය කරන්න මේ සමාජ වෙන­සට ඉඩ­දෙන්න සූදා­නම් නැහැ. මේක මරන්න හදන්නේ. අධ්‍යා­පන ප්‍රති­සං­ස්ක­රණ නතර කරන්න පුළු­වන් තරම් උත්සාහ කර­නවා. ඒ අයට රටේ දේශ­පා­ල­නය කරන්න බැහැ, රටේ දරුවෝ යහ­පත් පුර­වැ­සි­යන් බවට පත්වෙලා.

විච­ක්ෂ­ණ­ශී­ලීව ලෝකය දිහා බලන අලු­තින් හිතන්න පුළු­වන් කෙනෙක් බවට පත් කළාම ඒ අයට සෙල්ලම් දාන්න බැහැ. ඒ අයට ඕනෑ හැටි­යට රව­ට්ටන්න බැරි වෙන පර­ම්ප­රා­වක් මේ හරහා නිර්මා­ණය වෙනවා. එවිට අස්වැ­සුම, සමෘ­ද්ධිය දෙනවා කියලා දේශ­පා­ල­නය කරන්න බැරි තත්ව­යක් නිර්මා­ණය වෙනවා. ණය දෙන්නම් ඡන්දෙට වැඩ කරන්න කියලා ඒ අයට කියන්න බැරි තත්ව­යක් නිර්මා­ණය වෙනවා.

තමන්ගේ හැකි­යාව කුස­ල­තාව වැඩි­දි­යුණු කර­ගත් අනෙකා ගැන හිතන, නව ලෝකය දකින පුර­වැ­සි­යන් නිර්මා­ණය කරන්න අපිට වුව­ම­නාව තිබෙ­නවා. ඒනිසා අධ්‍යා­පන ප්‍රති­සං­ස්ක­රණ වන­සන්න කුඩා කල්ලි­ය­කට අපි ඉඩ­දෙන්නේ නැහැ.

මෙහිදී අද­හස් පළ කළ වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අරුණ කරු­ණා­ති­ලක මහතා මෙසේ පැව­සීය.

“දැන් කට්ටි­යක් කතා කර­නවා, මේ යෝජනා කරපු අධ්‍යා­පන ප්‍රති­සං­ස්ක­රණ ක්‍රියා­ව­ලිය තුළ ජාතිය අම­තක කර­නවා, ඉති­හා­සය අම­තක කර­නවා සංස්කෘ­තිය අම­තක කර­නවා කියලා. නමුත් මොන තැනින් ද එහෙම සිදු වෙන්න කියලා ඇහු­වොත් ඒ අයට පෙන්වන්න තැනක් නැහැ. මේ පෙළ පොත්වල යෝජනා කරපු කියා­ව­ලිය තුළ කොහොම ද ජාති­ක­ත්වය සංස්කෘ­තිය විතැ­න්වෙන්නේ කියල කියන්න ඒ අයට බැහැ.

ශිෂ්ට සම්පන්න පුර­වැ­සි­යන් බිහි­ක­රන්න පුළු­වන් අධ්‍යා­පන ක්‍රියා­ව­ලි­යක් මේ තුළින් යෝජනා වෙලා තියෙ­නවා. ඒ වගේම තිර­සර සහ නවෝ­ත්පා­ද­නය, තිර­සර සහ යාව­ජීව අධ්‍යා­ප­නය ගැනත් හඳුන්වා දෙනවා. අපි දන්නවා ඉස්කෝලේ ගිහින් ඉගෙන ගත්තම, විශ්ව­වි­ද්‍යා­ල­යට ගිහින් ඉගෙන ගත්තම එතැ­නින් එහාට අලුත් දේ ඉගෙන ගන්න අලුත් දේවල් සොයා­යන්න විච­ක්ෂ­ණ­ශීලී බවින් යුක්ත පිරිස අඩු වෙලා කියලා.

මේ යෝජනා කරන අධ්‍යා­පන ක්‍රියා­ව­ලි­යෙහි එක පැත්ත­කින් තමන් ඉගෙන ගන්නා අතර ඒ ඉගෙන ගන්න වට­පි­ටාව ගැන විච­ක්ෂ­ණ­ශීලී ඇස­කින් විම­ර්ශ­නා­ත්ම­කව බලන්නේ කොහොම ද? ඒ සඳහා නැඹුරු වෙන්නේ කොහොම ද? කියලා අව­බෝධ වෙනවා. අන්න ඒ පළ­පු­රු­ද්දක් එක්ක තමන් පාස­ලෙන් එළි­යට ගියත් විශ්ව­වි­ද්‍යා­ල­යෙන් එළි­යට ගියත් අර ඉගෙ­නීම සඳහා තිබෙන කැමැත්ත අපි හද­නවා.

මේක ඉති­හා­සයේ අධ්‍යා­පන ක්‍රියා­ව­ලියේ විකා­ශ­න­යන් අම­තක කරලා හදපු අධ්‍යා­පන ප්‍රති­ප­ත්ති­යක් නෙමෙයි. එහෙම ප්‍රති­පත්ති හදන්න බැහැ. මේ අලුත් වැඩ­පි­ළි­වෙ­ළක් එක්ක මොඩි­යුල කියන සංක­ල්පය ගැන සම­හරු කිය­නවා මේ පින්ල­න්තයේ තිබෙන අධ්‍යා­පන ක්‍රියා­ව­ලි­යට යනවා කිය­ලත් ඒකෙන් අපේ අධ්‍යා­පන ක්‍රමය වැටෙ­නවා කියලා. නමුත් එංග­ල­න්තය ඇතුළු ලෝකයේ බොහෝ රට­වල් පාසල් පද්ධ­ති­යෙහි මේ මොඩි­යුල කියන සංක­ල්පය ඇති කරලා තියෙ­නවා. “

අධ්‍යා­පන ප්‍රති­සං­ස්ක­රණ උදෙසා ජාතික ව්‍යාපා­රයේ සම කැඳ­වු­ම්කරු විදු­හ­ල්පති සංග­මයේ ලේකම් සිසිර රාජ­පක්ෂ මහතා අද­හස් දක්ව­මින්,

“අධ්‍යා­ප­නය පිළි­බඳ ප්‍රබල කතා­බ­හක් ඇති වෙලා තිබෙන වෙලා­වක මේ පුළුල් සංවි­ධා­නය අපි ආරම්භ කළා. අද අපට මාතෘ­කා­වක් ඇවිත් තිබෙ­නවා අනි­වා­ර්යෙන්ම මඟ­හැර යා නොහැකි ඉතා­මත්ම සංවේදි මාතෘ­කා­වක්. අපි දන්නවා විටින් විට අධ්‍යා­ප­නයේ වෙන­ස්කම් සිදු කර­නවා. ඒ අනුව අද දව­සෙත් අධ්‍යා­පන ප්‍රති­සං­ස්ක­ර­ණ­යක් අර­ගෙන ඇවිත් තියෙන වෙලා­වක, ඒ වෙනු­වෙන් පුළුල් කතා­බ­හක් ගොඩ­නැ­ඟිලා තිබෙන වෙලා­වක අපි මේක ආරම්භ කළා.

පාසල් පද්ධ­තිය පැත්තෙන් ගත්තාම අපි දකි­නවා ප්‍රායෝ­ගික ගැටලු ගොඩක්. මේ ගැට­ලු­ව­ලට මුලින්ම සංවේදී වන්නේ ගුරු­ව­රයා, විදු­හ­ල්ප­ති­ව­රයා දරුවා වගේම මවු­පියෝ. අපි දකි­නවා උදේ පාසල අසල ඉන්න විට මහ විශාල පොත් මල්ලක් කරේ තියා­ගෙන පුංචි දරුවෝ අමා­රු­වෙන් පාස­ලට එන හැටි. ඒ පොත් මල්ල කරේ දමා­ගෙ­නම පුංචි දරුවෝ අපිට වඳි­නවා. සම­හර වෙලා­වට ඒ පොත් මල්ල දරා­ගන්න බැරිව දරුවෝ වැටෙන අවස්ථා තියෙ­නවා.

පාසල පැත්තෙන් ගත්තම අද වන විට ගුරු­වරු විදු­හ­ල්ප­ති­වරු දැඩි ප්‍රය­ත්න­යක නියැ­ළෙ­නවා දරුවෝ ටික පාස­ලට ගෙන්වා ගන්න. ඔබ දන්වා උසස් පෙළ පන්ති­වල තත්වය කොයි­ත­රම්ද කිය­නවා නම්, විශේ­ෂ­යෙන්ම 13 වස­රට යන විට දරුවෝ තමයි තීර­ණය කරන්නේ කවද්ද පාස­ලට යන්නේ කියලා. එහෙ­ම­වත් එන්නේ නැහැ. වාර පරී­ක්ෂ­ණ­යට එන්නේ නැහැ. ඒ නිසා මේ පාසල තව­දු­ර­ටත් දරු­වට හිත­කර ඒ වගේම ආක­ර්ෂ­ණීය තත්ව­යක් නිර්මාණ කරන්නේ නැහැ, මේ පව­තින අධ්‍යා­පන ක්‍රමය තුළ.

මේ අධ්‍යා­පන ප්‍රති­සං­ස්ක­රණ කියන එක පාල­ක­යන්ට ඇමැ­ති­ව­රුන්ට ඒ තරම් හිත­කර දෙයක් නෙමෙයි. ඇතැම් අව­ස්ථා­වල ඇමැ­ති­වරු ගෙදර යන්නෙත් මේ ප්‍රති­සං­ස්ක­රණ නිසා. මේ ප්‍රති­සං­ස්ක­ර­ණ­ව­ලට යන විට ශක්ති­මත්ව ඉලක්ක සහ­ග­තව යන්න ඕනෑ. අද දවසේ ඒ ගොඩ­නැ­ඟිය යුතු පුළුල් කතා­බහ ගොඩ­නැ­ඟීමේ අර­මු­ණි­නුයි අධ්‍යා­පන ප්‍රති­සං­ස්ක­රණ උදෙසා අපි මේ ජාතික ව්‍යාපා­රය ගොඩ­නඟා ගත්තේ.

සෙංක­ඩ­ගල නග­ර­යෙන් ආරම්භ වන මේ ඓති­හා­සික කතා­බහ දිස්ත්‍රි­ක්ක­යෙන් දිස්ත්‍රි­ක්ක­යට අරන් ගිහින් දැවැන්ත බුද්ධි­මය සාක­ච්ඡා­වක නියැ­ළෙ­නවා.“

අධ්‍යා­පන ප්‍රති­සං­ස්ක­රණ උදෙසා ජාතික ව්‍යාපා­රයේ සම කැඳ­වු­ම්කරු ලංකා ගුරු සේවා සංග­මයේ සභා­පති ධම්මික අල­හ­ප්පෙ­රුම මහතා අද­හස් දක්ව­මින් මෙසේ පැව­සිය,

“දරු­වන්ට හොඳ රටක් භාර දෙන්න නම්, හොඳ වෘත්තී­න්ව­ලට දරුවා රැගෙන යන්න අවශ්‍ය නම්, ඔහුට හොඳ අධ්‍යා­ප­න­යක් ලබා­දිය යුතුයි. ඒ සඳහා අප රටේ ගමක් ගමක් ගානේ තිබෙන පාසල් පද්ධ­තිය, එදා මේ රටේ ගෙනා නිද­හස් අධ්‍යා­ප­නයේ අයි­තිය. ඒ දියුණු මාන­වයා නිර්මා­ණය කර තිබෙන අපේ ඊළඟ පර­ම්ප­රා­වට මීට වඩා හොඳ අධ්‍යා­ප­න­යක් ලබා­දෙන්නේ කොහොම ද? කියන එක මත තමයි මේ අධ්‍යා­පන ප්‍රති­සං­ස්ක­රණ අපි පෙළ­ග­ස්වලා තිබෙන්නේ.

ඉති­හා­සයේ මේ රටේ බලයේ හිටපු පාල­ක­යන් විසින් කරපු අධ්‍යා­පන ප්‍රති­සං­ස්ක­ර­ණ­වල ප්‍රති­ඵල තමයි අද අපේ දරුවෝ බුක්ති විඳින්නේ. ඔබ දන්නවා ඇති මහ­නු­වර නග­රය ගත්තොත් ප්‍රධාන පාස­ල්ව­ලට තිබෙන තර­ගය.

‘අධ්‍යා­පන ප්‍රති­සං­ස්ක­රණ උදෙසා ජාතික ව්‍යාපා­රය‘ විසින් පළමු වරට සංවි­ධා­නය කළ මෙම වැඩ­ස­ට­හ­නට නියෝජ්‍ය අමා­ත්‍ය­වරු වන වෛද්‍ය ප්‍රසන්න ගුණ­සේන, වෛද්‍ය හංසක විජේ­මුනි ඇතුළු පිරි­සක ද එක්ව සිටි­යහ.

කටු­ග­ස්තොට සමූහ

එස්.ජී. විජේ­රත්න

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *