Press "Enter" to skip to content

ගෝඨා සමයේ සිදු වූ සීනි බදු වංචාවේ තොරතුරු අල්ලස් කොමිසමට.!

මුදල් හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මහතා ජයවීර පාර්ලිමේන්තුවේදී පැවවූවේ ගෝඨාභය සමයේ සීනි බදු අඩු කිරීම නිසා රුපියල් බිලියන 16.76ක බදු මුදලක් රජයට අහිමි වීම සම්බන්ධ තොරතුරු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට හා විගණකාධිපති දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර ඇති අතර ඒ පිළිබඳව පරීක්ෂණ සිදු කෙරෙන බවයි.

ඊට පිළිතුරු ලබාදෙමින් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසුවේ, මෙම ලිපි ගොනුව නීතිපතිගේ උපදෙස් අනුව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට යොමු කර ඇති බව ත් එමඟින් පරීක්ෂණ සිදු කෙරෙන බව ත්ය.

සජබ පාර්ලිමේන්තු මන්ත්‍රි චමින්ද විජේසිරි විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

මන්ත්‍රිවරයා විමසුවේ, සීනි බදු වංචාවට අදාළව ෆයිල් තිබෙන්නේ කුමන කැබ් රථයේ ද එම ෆයිල් වසා තිබෙනවා ද සීනි බදු අඩු කිරීම නිසා අහිමි වී ඇති ආදායම කොපමණ ද යන්නය.

“සීනි බදු වංචාව සිදු වුණේ ඒ කාලෙදිනේ ඔබතුමන්ලා බලයට එන්නත් සීනි බදු වංචාව උපයෝගි කරගත්තනේ. දැන් මොකද ඒකට වෙලා තියෙන්නේ. දැන් ආණ්ඩුව බලයට පත්වුණාට පස්සේ සීනි බදු වංචාවේ ෆයිල් එක වසන්ත සමරසිංහ ඇමැතිතුමාගේ කැබ් එකේ නැද්ද? දැන් ඒ ෆයිල් එක වහලද? දැන් මොකද වෙලා තිය‌ෙන්නේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියලා තියෙනවා සාක්ෂි නැහැ කියලා. එතකොට විගණකාධිපති දෙපාර්තමේන්තුවත් කියලා තියෙනවා වෝහාරික පරීක්ෂණයක් සිදු කරන්න අමාරුයි කියලා එතකොට කොහොමද පරීක්ෂණ සිදු වෙන්නේ”

More from දේශීය පුවත්More posts in දේශීය පුවත් »
More from ප්‍රධාන පුවත්More posts in ප්‍රධාන පුවත් »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *