Press "Enter" to skip to content

කෝටි ගණන් වියදම් කර අහසට වෙඩි තියමින් නිදහස සැමරීම අනවශ්‍ය වියදමක්

මෙවර නිදහස් උත්සවය සම්බන්ධයෙන් විවිධ පාර්ශවයන් එල්ල කරන විවේචනවලට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා ප්‍රකාශ කළේ, රජය මෙවර නිදහස් දිනය සැමරුවේ ජනතාවගේ බදු මුදල් ඉතාමත් අවම ලෙස වියදම් කරමින් බවයි.

උත්කර්ෂවත් බව යන්නෙන් අදහස් කරන්නේ කෝටි ප්‍රකෝටි ගණන් මුදල් වියදම් කරමින් අහසට වෙඩි තැබීම හෝ මහ දවල් වායුසමීකරණ යන්ත්‍ර භාවිත කරමින්, ලක්ෂ ගණන් වැය කර ජංගම වැසිකිළි සවි කිරීම නොවන බව ඒ මහතා අවධාරණය කළේය.

එවැනි අනවශ්‍ය වියදම් කපා හරිමින්, ඉතා කෙටි එහෙත් අභිමානවත් සහ සැලසුම් සහගත ජාතික නිදහස් උත්සවයක් කොළඹදී මෙන්ම දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් පැවැත්වීමට රජය කටයුතු කළ බව ඔහු පෙන්වා දුන්නේය.

මෙවර නිදහස් දින පණිවිඩය වූයේ “යළි ගොඩනගමු” යන්න බවත්, රට යළි ගොඩනැගීමට අවශ්‍ය ශක්තිය සහ ජවය රටේ ජනතාව වෙත ලබාදීමට මෙම උත්සවය සමත් වූ බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

විපක්ෂය සහ විවිධ කණ්ඩායම් එල්ල කරන විවේචන පිළිබඳව අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, සුන්බුන් විපක්ෂය කුමන විවේචන එල්ල කළද, රටේ ජනතාව මෙම උත්සවයේ අභිමානවත් සහ චාම් බව වටහාගෙන ඇති බවයි.

ජාතික සමගිය ඔප්නැංවෙන අයුරින් ඉතා සාර්ථකව මෙම සැමරුම පවත්වා අවසන් කිරීමට හැකි වීම පිළිබඳව රජය නිහතමානීව ආඩම්බර වන බවද මහින්ද ජයසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

More from ප්‍රධාන පුවත්More posts in ප්‍රධාන පුවත් »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *