Press "Enter" to skip to content

ෆොන්සේකාගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

ත්‍රස්ත­වාදී නාය­ක­යන්ට යුද්ධයේ අව­සන් දින කිහි­පයේ යටත් වීමට අව­කා­ශය ලබා­දෙන්න යැයි රාජ­ප­ක්ෂලා උප­දෙස් දී තිබුණ බව හිටපු පාර්ලි­මේන්තු මන්ත්‍රී, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා යුද සමයේ ආර­ක්ෂක ප්‍රධා­නීන් සමඟ සිදු කළ බව කියන රහ­සි­ගත සාක­ච්ඡා­වක වීඩි­යෝ­වක් මාධ්‍ය­යට නිකුත් කර­මින් ඊයේ (18) පැව­සීය.

එහෙත් තමන් හමු­දා­වට නියෝග දී තිබුණේ එල්ටී­ටී­ඊය සම්පූ­ර්ණ­යෙන්ම අතුගා දමන්න යැයි ද හෙතෙම කීවේය.

සරත් ෆොන්සේකා මහතා වීඩියෝ දර්ශ­න­යක් පෙන්ව­මින් වැඩි­දු­ර­ටත් මෙසේද පැව­සීය.

“යුද්ධය යන අතරේ මේ අය කොහොම ද යුද්ධය කඩා­ක­ප්පල් කරන්න හැදුවේ කියලා මම මේ වීඩි­යෝ­වෙන් පෙන්ව­න්නම්. මේ කතාව යන්නේ 2009 මැයි 17 දවල් කාල­යේදි. මේකෙ මේ අය කිය­නවා උදේ වරුවේ ආර­ක්ෂක ලේක­ම්ගෙන් තමයි ඔය කෝල් එක එන්නේ ශවේන්ද්‍ර සිල්වාට කියලා.

එදා දිවා කාලයේ, මම දන්නෙත් නැහැ. මම චීනයේ හිටියේ. මට දැනුම් දුන්නේ නැහැ. මගේ ළඟ සන්නි­වේ­දන උප­ක­රණ, දුර­ක­තන සියල්ල තිබුණා ආර­ක්ෂක කවු­න්සි­ලයේ අයට කතා කරන්න. මම චීනයේ හිටියා. මගේ මෙහෙ­යුම් කාර්ය මණ්ඩ­ල­යම මම එක්ක එහෙ හිටියා. මම එහෙ ඉද්දිත් දිග­ටම කොළඹ ඉන්නවා වගේම යුද්ධ­යට අණ දුන්නා. නමුත් මට­වත් කිය­න්නෙ­වත් නැතුව මේගොල්ලෝ සාකච්ඡා කරලා තිබෙ­නවා 17 වැනිදා උදේ අයි.සී.ආර්.සී. එකේ මෙහේ හිටපු ප්‍රධා­නිය එක්කයි.

ක්ෂමා ආය­ත­නයේ නියෝ­ජි­ත­යත් එක්ක, බැසිල්, ගෝඨා­භය, මහින්ද රාජ­ප­ක්ෂලා සාක­ච්ඡා­වක් කරලා තිබෙ­නවා ත්‍රස්ත­වාදී නාය­ක­යන්ට යටත් වෙන්න අව­කා­ශය ලබා දෙන්න. මගේ නියෝ­ගය තිබුණේ එල්ටී­ටී­ඊය සම්පූ­ර්ණ­යෙන්ම අතු­ගාල දාන්න. ඒකට තමයි යුද සැල­සුම් කළේ. එල්ටී­ටීඊ එක බේර­ගන්න අව­ශ්‍ය­තා­වක් තිබුණේ නැහැ. ඉතා පැහැ­දිලි අර­මු­ණක ඉඳලා තමයි අපි යුද්ධ කළේ. ඔය දවස් වෙන කොට එල්ටී­ටීඊ එක මීටර් 400කට කොටු කරලා. මුල­ති­ව්ව­ලට පොඩ්ඩක් උඩින්. වෙල්ලි­මු­ල්ලි­ව­යි­ක්කා­ල්ව­ලට පොඩ්ඩක් පහ­ළින්, නන්දි­ක­ඩාල් කල­පුව අයිනේ. 16 වැනිදා රෑ වෙන­කොට කොටු කරලා අව­සන්. ඒ අය දන්නවා ඉදිරි පැය 24 තුළදී මේගොල්ලෝ විනාශ වෙනවා කියලා. අපිට ඕනෑ කරලා තිබුණේ විනාශ කරන්න.

එහෙම තියෙද්දි තමයි මේ ගොල්ලෝ එහෙම කතා කරලා තියෙන්නේ. එහි සවුන්ඩ් පැහැ­දිලි නැති වුණාට සබ්ට­යි­ටල් තිබුණා. ඔය වීඩියෝ කරපු එක්කෙ­නත් දැන් රටින් පැනලා ගිහින් ඉන්නේ ගෝඨා­භ­යලා ඒ අය මරන්න හදපු නිසා. ඒ මාධ්‍ය­වේ­දියා හැංගිලා පිට­රට ඉන්නේ. එල්ටී­ටීඊ එක කිය­නවා ආමි එකට යටත් වෙන්න බැහැ තුන්වැනි පාර්ශ්ව­ය­කට යටත් වෙන්නම් කියලා. නමුත් අපි ඒක හින්දා කැමැති වුණේ නැහැ කියලා කතා­වක් කිය­නවා. වැරැ­දිලා හරි ආමි එකට යටත් වෙන්න කැමැති වුණා නම් රාජ­ප­ක්ෂලා නියෝග දෙනවා මේ අය භාර ගන්න.

භාර­ගෙන ජීවිත බේර­ගන්න කියලා. මේක තමයි 17 වැනි­දත් රාජ­ප­ක්ෂ­ලගේ ඔළුවේ තිබුණ විෂ බීජය. එත­කොට මේක ඉෂ්ට වුණේ නැහැ. අන්ති­මට එල්ටී­ටීඊ එක විශ්වාස කළේ නැහැ, මේගොල්ලෝ කියන එක. ඒ නිසයි අපිට අව­ස්ථාව ලැබුණේ 19 වැනිදා වෙන කොට මේගොල්ලෝ සම්පූ­ර්ණ­යෙන්ම විනාශ කරලා තමු­න්නා­න්සේලා අද භුක්ති විඳින නිද­හස, ආර­ක්ෂාව සලසා දෙන්න. එදා මේක මේ විදි­යට වුණා නම් මේ වෙන­කොට උතුරු නැඟෙ­න­හිර මහ ඇමැ­ති­ව­රයා කරලා ප්‍රභා­ක­රන්. එතැන සුසෙයි හිටියා. පොට්ටු­අ­ම්මාන් හිටියා. එයාගේ බිරිඳ හිටියා. කර්නල් තිලී­පන්ලා ඇතුළු නාය­කයෝ හිටියා. නැඟෙ­න­හි­රෙන් පලා ගිය රමේෂ් ඇතුළු පිරි­සත් ඔතන ඉඳලා තිබෙ­නවා. මේ ඔක්කෝ­මගේ ජීවිත බේරන්න තමයි 17 වැනිදා ජාතියේ වීරයා කියන මහින්ද රාජ­පක්ෂ උත්සාහ කළේ.

මේ වීඩියෝ එක ජන­තාව දකින්න ඕනෑ. තේරුම් ගන්න ඕනෑ. මෙච්චර කල් මෙය එළි­යට එන්නේ නැතුව මේ මාධ්‍ය­වේ­දියා හංග­ගෙන හිටියා. වෙනත් වක්‍ර මාර්ග­ය­කින් මෙය මගේ අතට පත්වුණා. ඒකයි මම මෙය එළි­යට දැම්මේ ජන­තාව දැනු­වත් කරන්න.”

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *