Press "Enter" to skip to content

ගොඩගැසුණු රියැ­දුරු බල­පත් ලක්ෂ 5ම මේ මාසේ නිකු­ත් කර­නවා

නිකුත් කිරී­මට නොහැ­කිව ගොඩ­ගැසී තිබෙන රියැ­දුරු බල­පත්‍ර 490,000ක තොගය මෙම මාසය තුළ නිකු­ත්කර අව­සන් කිරී­මට සැල­සුම් කරන බව සභා­නා­යක, ප්‍රවා­හන, මහා­මාර්ග සහ නාග­රික සංව­ර්ධන ඇමැති බිමල් රත්නා­යක මහතා පාර්ලි­මේ­න්තු­වේදී ඊයේ (18) පැව­සීය.

රියැ­දුරු බල­පත්‍ර නිකුත් කිරීම සාමාන්‍ය තත්ත්ව­යට පත් කිරීම මාර්තු මාස­යේදී සිදු කරන බවත් රියැ­දුරු බල­පත්‍ර ගොඩ­ගැ­සීම සම්බ­න්ධ­යෙන් පසු­ගිය ආණ්ඩු වග­කිව යුතු බවත් ඇමැ­ති­ව­රයා පැව­සු­වේය.

මෝටර් වාහන පනත යටතේ නියෝග, විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනත යටතේ නියෝග ඇතුළු යෝජනා සම්මත සහ නියෝග සම්බ­න්ධ­යෙන් වූ විවා­ද­යට එක්වෙ­මින් ඇමැ­ති­ව­රයා මේ බව කියා සිටි­යේය.

දිට්වා නිසා නොවැ­ම්බර් 25 සිට දෙසැ­ම්බර් 25 දක්වා කාලය තුළ රියැ­දුරු බල­පත් අලුත් කරන්න බැරි වුණා. විදේ­ශි­ක­යන් ලංකා­වට පැමිණි පසුව වේර­හැ­රට ගොස් රියැ­දුරු බල­ප­ත්‍රය අලුත් කර­ගත යුතුව තිබුණා. එය පහසු කර­මින් ගුව­න්තො­ටු­ප­ළේ­දීම අලුත් කර­ගන්න අව­ස්ථාව දුන්නා. ඒ සඳහා වන මුදල රුපි­යල් 45,000 දක්වා වැඩි කළා.

පාර්ලි­මේ­න්තුවේ විනය හදන්න වගේම රටේ ප්‍රවා­හ­නයේ විනය හද­න්නත් අපි අපේක්ෂා කර­නවා. ත්‍රීවීල්, ටැක්සි, කාර්යාල වාහන නිසි­ලෙස නියා­ම­නය නොකි­රී­මෙන් ගැටලු ගණ­නා­වක් තිබෙ­නවා. පාසල් වෑන් රථ ගත් විට මවු­පි­යන්ට ගැටලු තිබෙ­නවා. ත්‍රීවිල්, ටැක්සි, පාසල් වෑන් රථ, කාර්යාල ප්‍රවා­හන රථ සඳහා රෙගු­ලාසි හද­නවා.

මත්ද්‍රව්‍ය භාවිත කර රියැ­දු­රන් හා කොන්දො­ස්ත­ර­ව­රුන් පරී­ක්ෂා­වට ලක් කර­ගෙන යනවා. මෑතදී මෙර­ටදී මත්ද්‍රව්‍ය භාවිත කරන රැකියා අත­රින් රියැ­දුරු රැකි­යාව පත්වෙලා වගේ හිතෙ­නවා. මේ සමී­ක්ෂ­ණ­ව­ලින් එය හෙළි වෙනවා. 2,700න් 2,000ක් පදි­ක­යන් හා මෝටර් බයි­සි­ක­ලයේ යන අය මර­ණ­යට පත්ව තිබෙ­නවා. වාහ­න­යක හැපී­මෙන් පදි­ක­යන් මැරෙ­නවා. මේ නිසා රියැ­දු­රන්ගේ විනය හැදී­මට අපි කට­යුතු කර­නවා.

පාරේ විනය හදන්න කියලා අපට සංඛ්‍යා ලේඛ­න­ව­ලින්ම ඇවිත් තිබෙ­නවා. සීට් බෙල්ට් නීති කලින් සිටම තිබුණා. අපි එය ටිකක් බල­වත් කළා. සීට් බෙල්ට් භාවිත කරන්න කියලා මෙරට ශල්‍ය වෛද්‍ය­ව­රුන් පවා ගිහිං දැනු­වත් කිරීමේ පත්‍රිකා බෙදුවා. බස් රථ­වල කාඩ් මඟින් ගෙවීමේ ක්‍රම­වේ­දය හදා තිබෙ­නවා.

මිනි­සුන් අත තිබෙන බැංකු කාඩ්ප­තෙන් ගෙවිය හැකියි. මේ ක්‍රම­යේදී බැංකු මුල් සමා­ගම් සමඟ කතා කළා. ඩිජි­ටල් අමා­ත්‍යාං­ශය සම­ඟත් කතා කළා.

ප්‍රධාන බැංකු සමා­ගම් දෙකක් මෙරට ක්‍රියා­ත්මක වෙනවා. එක් ආය­ත­න­යක් අපට දැනුම් දී තිබෙ­නවා ඔවුන්ගේ කමි­ෂන් එක එයාලා ගන්නේ නැති බවට. අනෙක් සමා­ග­මත් අපට දැනුම් දෙයි කියලා හිත­නවා. හොර තෝතැ­න්නක් බවට මෝටර් රථ දෙපා­ර්ත­මේ­න්තුව පත්ව තිබුණා. විශාල ශ්‍රම­ය­කින් තමයි ඒවා නැති කළේ. පසු­ගිය ආණ්ඩු ඒවාට වග කියන්න ඕනෑ.“

ස්වර්ණා විජේ­කෝන්, මහින්ද අලු­ත්ගෙ­දර, සන්ධ්‍යා කරු­ණා­රත්න

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *