Press "Enter" to skip to content

අවුරුදු සමය තුළ රාජ්‍ය සේවක පැමිණීම් සීමා කරයි

සිංහල අලුත් අවුරුදු උත්සව සමය නිමිත්තෙන් රජයේ නිවාඩු දින කිහිපයක් යෙදී තිබීම හේතුවෙන් මෙම මාසයේ ඉදිරි දින වලදී රජයේ අත්‍යවශ්‍ය සේවා සඳහා අවශ්‍ය සේවකයන් පමණක් ගෙන්වා ගැනීමට රජයේ අවධානය යොමුව ඇත.

ඔන් ලයින් ක්‍රමයට කළ හැකි රාජකාරි නිවසේ සිට කිරීමටත් එමගින් ඉන්ධන සහ බලශක්තිය ඉතිරි කර ගැනීමටත් මැද පෙරදිග වත්මන් යුදමය තත්ත්වය හේතුවෙන් මතුව ඇති ඉන්ධන සහ බලශක්ති අභියෝග හමුවේ රාජ්‍ය සේවය අඛණ්ඩව පවත්වාගෙන යෑම සඳහා පත් කළ අමාත්‍ය මණ්ඩල කමිටුවේදී තීරණය වී ඇත.

තවද, ලබන 07 සහ 09 යන දිනවල පාසල් මට්ටමින් බල ශක්ති කළමනා කරණය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීමටත්, විශ්ව විද්‍යාල අධ්‍යයන කටයුතු හැකි සෑම විටම මාර්ගගත ක්‍රමයට සිදු කිරීමටත් අවධානය යොමු කර තිබේ.

ප්‍රවාහන, ඩිජිටල් ආර්ථික සහ අධිකරණ ඇතුළු අමාත්‍යාංශ අත්‍යවශ්‍ය සේවක පිරිසක් පමණක් කැඳවමින් සේවා පවත්වාගෙන යෑමට ද මෙහිදී තීරණය කර ඇත.

දෛනික බලශක්ති පරිභෝජනය සහ රාජ්‍ය සේවක පැමිණීම නිරීක්ෂණය කිරීම සඳහා විශේෂ පද්ධතියක් හඳුන්වා දීමට ද මෙහිදී අවධානය යොමු වී තිබේ.

More from දේශීය පුවත්More posts in දේශීය පුවත් »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *