Press "Enter" to skip to content

අද සවස 1න් පසුව තැන තැන වැසි

උතුරු, උතුරු මැද, මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වල ප.ව 1න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

හම්බන්තොට සහ අම්පාර දිස්ත්‍රික්කවල උදෑසන කාලයේ දීත් වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් අම්පාර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අලුයම මීදුම් සහිත තත්ත්වයක් පවතී.

ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං සහ අකුරු මඟින් සිදුවන අනතුරු සිදුවිය හැකි බැවින් අනතුරු අවම කරගැනීමට පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දෙයි.

මේ අතර අතර අද සූර්යයා, දහවල් 12.13ට දෙහිවල, මහරගම, පන්නිපිටිය, පාදුක්ක, ඇහැළියගොඩ, මස්කෙළිය, සියඹලාණ්ඩුව සහ පොතුවිල් යන ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතී.

More from දේශීය පුවත්More posts in දේශීය පුවත් »
More from ප්‍රධාන පුවත්More posts in ප්‍රධාන පුවත් »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *