Press "Enter" to skip to content

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් සියලුම පාසල් සිසුන්ට විශේෂ දැනුම්දීමක්

ඉදිරියේදී ඇතිවිය හැකි එල්-නිනෝ (El-Niño) තත්ත්වය සහ ගෝලීය ඉන්ධන අර්බුදය හමුවේ මෙරට බලශක්ති සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා පාසල් සිසුන් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

පාසල් පද්ධතිය තුළ බලශක්ති සංරක්ෂණ සංස්කෘතියක් ගොඩනැගීම අරමුණු කර ගනිමින් සියලුම විදුහල්පතිවරුන් සහ පාසල් ප්‍රධානීන් වෙත මේ සම්බන්ධයෙන් නව චක්‍රලේඛයක් නිකුත් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව මහතා සඳහන් කළේය.

‘සුරකිමු ලංකා’ බලශක්ති සුරක්ෂිතතා වැඩසටහන බලශක්ති භාවිතය කාර්යක්ෂම කරමින් පාරිසරික තිරසරභාවය වර්ධනය කිරීම වෙනුවෙන් ‘සුරකිමු ලංකා’ පාසල් බලශක්ති සුරක්ෂිතතා වැඩසටහන හඳුන්වා දී ඇත.

මෙම වැඩසටහන පළමු පාසල් වාරය අවසන් වීමට පෙර, එනම් අප්‍රේල් 09 වැනිදා හෝ අවශ්‍යතාව පරිදි සුදුසු දිනයක් යොදා ගනිමින් පවත්වන ලෙස උපදෙස් දී තිබේ.

සිසුන් තුළ බලශක්ති සංරක්ෂණය පිළිබඳ ආකල්පමය සහ චර්යාත්මක වෙනසක් ඇති කිරීම මෙම වැඩසටහනේ මූලික අපේක්ෂාවයි. එමෙන්ම සිසුන් හරහා මෙම වැදගත් පණිවුඩය දෙමාපියන් වෙත රැගෙන යමින්, බලශක්ති සුරක්ෂිතතාව වෙනුවෙන් සමස්ත ප්‍රජාවම පෙළඹවීම රජයේ අරමුණ වී තිබේ.

පවතින වියළි කාලගුණික තත්ත්වය හමුවේ ජල විදුලි උත්පාදනයට එල්ල වී ඇති බලපෑම හමුවේ මෙවැනි දැනුවත් කිරීම් කාලීන අවශ්‍යතාවක් බව ද අමාත්‍යාංශය අවධාරණය කරයි.

More from දේශීය පුවත්More posts in දේශීය පුවත් »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *