Press "Enter" to skip to content

ලංකාවේ දරුවන් ගැන භයානක අනාවරණයක්

ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසන්නේ පසුගිය 2025 වසරේදී ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත පැමිණිලි 10,000කට අධික ප්‍රමාණයක් වාර්තා වී ඇති බවයි.

ඒ අනුව එම වසර තුළ ලැබී ඇති සමස්ථ පැමිණිලි සංඛ්‍යාව 10,455ක් වන බව එම අධිකාරියේ ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ අධ්‍යක්ෂ (සැලසුම් හා තොරතුරු) නීතිවේදී සමාජ විද්‍යාඥ ශානික මලල්ගොඩ මහත්මිය පැවසුවේය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති ළමා අරක්ෂාව පිළිබඳ දැනුවත් කිරීම වෙනුවෙන් පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහත්මිය මේ බව සඳහන් කළාය.

මෙම පැමිණිලි සංඛ්‍යාවෙන් පැමිණිලි 2,099ක් ළමයින් කෘරත්වයට පත් කිරීම වෙනුවෙන් ලැබුණු බවත් එමෙන්ම මෙම වසරේ පෙබරවාරි 28 වැනි දින වන විට කායික දණ්ඩනය සම්බන්ධව පැමිණිලි 11,409ක් වාර්තා වී ඇති බවත් ඒ මහත්මිය මෙහිදී අනාවරණය කළාය.

එහිදී ඒ මහත්මිය පැවසුවේ යම් කිසි අයෙකු ළමයෙකු කායික අපයෝජනයට, කායික දණ්ඩනයට ලක් කරන බව දුටුවොත් හෝ ඒ සම්බන්ධව දැනගැනීමට ලැබුණහොත් ජාතික ළමා ආරක්ෂන අධිකාරියට වහාම පැමිණිලි කරන ලෙසය.

ඒ වෙනුවෙන් 1929 යන ළමා දුරකථන අංකය නොමිලයේ ඇමතුම් ලබා ගත හැකි බවත් ඒ අනුව ඕනෑම මොහොත මෙම දුරකථන අංකයට අදාළ පැමිණිලි යොමු කරන ලෙසද ඇය මහජනතාවගෙන් ඉල්ලා සිටියාය.

More from දේශීය පුවත්More posts in දේශීය පුවත් »
More from ප්‍රධාන පුවත්More posts in ප්‍රධාන පුවත් »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *