Press "Enter" to skip to content

මේ ක්‍රියාකාරකම් කරන තරුණ තරුණියන්ට රජයේ රැකියා – රජයෙන් පොරොන්දුවක්

ජාතික මට්ටමේ ක්‍රීඩා කුසලතා දක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා රාජ්‍ය අංශයේ රැකියා අවස්ථා ලබාදීම වෙනුවෙන් සකස් කළ විශේෂ යෝජනාවකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ සුවිශේෂී හැකියාවන් සහිත සහ ජයග්‍රහණ අත්කර ගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් මෙරටින් බිහි වී ඇතත්, ස්ථාවර රැකියා අවස්ථා නොමැතිකම හේතුවෙන් ඔවුන් අකාලයේ ක්‍රීඩා ජීවිතයෙන් සමුගැනීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව රජය හඳුනාගෙන ඇත.

මෙම තත්ත්වය ක්‍රීඩකයන්ගේ කුසලතා රඳවා ගැනීමට මෙන්ම ජාත්‍යන්තර තරගකාරීත්වය පවත්වා ගැනීම සඳහා ශ්‍රී ලංකාවට ඇති හැකියාව කෙරෙහි ද ඍණාත්මක බලපෑමක් එල්ල කර තිබේ.

ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා ත්‍රිවිධ හමුදාව තුළ ලබා දිය හැකි ස්ථිර රැකියා අවස්ථා සංඛ්‍යාව ප්‍රමාණවත් නොවන අතර, තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය හා ඒ හා අනුබද්ධ ආයතනවල පවතින රැකියා අවස්ථා ද සීමිත බව මෙහිදී නිරීක්ෂණය වී ඇත.

මේ හේතුවෙන් ජාතික ක්‍රීඩා පද්ධතිය තුළ ඉහළ දක්ෂතා දක්වන ක්‍රීඩකයන් රඳවා තබා ගැනීම සහ ඔවුන් දිරිමත් කිරීම අරමුණු කර ගනිමින්, දිගුකාලීන රැකියා සුරක්ෂිතභාවය සහතික කළ හැකි විනිවිද පෙනෙන සහ කුසලතා මත පදනම් වූ ප්‍රතිපත්ති රාමුවක් සකස් කිරීමට නියමිතය.

ඒ අනුව රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා ව්‍යවස්ථාපිත ආයතනවල රැකියා අවස්ථා ලබා දීමට තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යවරයා ඉදිරිපත් කළ මෙම යෝජනාවට අමාත්‍ය මණ්ඩලය විසින් සිය අනුමැතිය ලබා දී ඇත.

More from දේශීය පුවත්More posts in දේශීය පුවත් »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *