Press "Enter" to skip to content

එකම සන්නාමයක් යට‍තේ වැඩිම නිමි ඇදුම් එකතුවක් සමඟ GFlock වත්තල විවෘතවේ

එකම සන්නාමයක් යටතේ පමණක් වූ ශ්‍රී ලංකාවේ දැවැන්තම නිමි ඇදුම් ප්‍රදර්ශනාගාරය වත්තල නගරයේදී එහි සභාපති රනිල් විල්ලද්දරගේ මහතාගේ ප්‍රධානත්වයෙන් අද(20) විවෘත කළේය.

පාරිභෝගිකයින් වෙත නිමි ඇදුම් කේෂ්ත්‍රයේ නවුම් අද්දැකීමක් සහිතව නවීන විලාසිතා වලින් හා ශ්‍රී ලංකාවේ එකම සන්නාමයක් යටතේ පමණක් වූ දැවැන්තම ප්‍රදර්ශනාගාරය නවීන පහසුකම් වලින් යුක්තව විවෘත කරනු ලැබීය. දේශීය හා ජාත්‍යන්තර වශයෙන් පාරිභෝගිකයින් අතර කීර්තියට පත් නිමි ඇදුම් නිෂ්පාදනයේ අංක එකේ දේශීය සන්නාමයක් වන GFlock සිය ශාඛා ජාලය පුළුල් කරමින් මාස හයක් වැනි කෙටි කාලයක් තුළ විවෘත කළ දෙවන ශාඛාවයි.

සම්ප්‍රදායෙන් ඔබ්බට ගිය නවීනතම විලාසිතා හා විවිධ මෝස්තර වලින් අනූන නිමි ඇදුම් පාරිභෝගිකයින්ට අවශ්‍ය පරිදි තෝරා ගැනීමට පහසුකම් සලසා දී තිබේ. උසස් තත්තවයෙන් යුතු අමුද්‍රව්‍ය තුළින් නිර්මාණය කරන ලද නවීන මෝස්තර වලින් අනූනය. නවතම දෘශ්‍ය වෙළඳ තාක්‍ෂණයෙන් සමන්විතය. වඩා කැපී පෙනෙන වෙනසක් සහිතව නිර්මාණශීලි නිෂ්පාදන තෝරා ගැනීමට සහ මිලදී ගැනීමටත්, සුහදශීලි කාර්ය මණ්ඩලයකගේ පූළුල් සේවාවක් ගෞරවණීය පාරිභෝගිකයින්ට ලබා දීමට කටයුතු යොදා තිබේ.

වසර දහයකට අධික කාලයක් පාරිභෝගික හදවත් දිනාගනිමින් GFlock සන්නාමය ඔවුන් වෙත සමීප වී තිබේ. වර්තමානය වන විට දේශීය හා ජාත්‍යන්තරව ප්‍රමුඛ පෙළේ සන්නාමයක් බවට GFlock පත්ව තිබේ. නිර්මාණශීලි තරුණ තරුණියන්ගේ අද්දැකීම් උපයෝගිකොටගෙන ශ්‍රී ලාංකීය ආර්ථිකය ශක්තිමත් කිරිමට දායකත්වය ලබා දෙන දේශීය ව්‍යාපාර සන්නාමයකි.

පරාර්ථකාමීත්වය, විනය, අධිෂ්ඨානය, උත්සහය හා අවංකභාවය පෙරදැරි කොටගෙන ගනුදෙනුකරුවන්ගේ අයිතිවාසිකම් සහ අවශ්‍යතාවලට ගරු කරමින් GFlock කණ්ඩායම සිය මෙහෙයුම් කටයුතු අඛණ්ඩව සිදු කරයි.

GFlock ශාඛා ජාලය කොල්ලුපිටිය, පැලවත්ත, මීගමුව, දෙල්කද හා වත්තල යන ස්ථානයන්හි විවෘතව පවතී.

More from ව්‍යාපාරික පුවත්More posts in ව්‍යාපාරික පුවත් »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *