Press "Enter" to skip to content

පැලවත්ත කිරි සමාගම 2025 වසරේ හොඳම කිරි නිෂ්පාදන සන්නාමයෙන් පිදුම් ලබයි

2025 People’s Pinnacle සම්මාන උළෙලේදී ‘2025 වසරේ හොඳම කිරි නිෂ්පාදන සන්නාමය’ ලෙස සම්මානයෙන් පිදුම් ලැබූ බව පැල්වත්ත කිරි සමාගම සාඩම්බරයෙන් නිවේදනය කරනු ලබයි. මෙම අති සුවිශේෂී ජයග්‍රහණයට රට පුරා පාරිභෝගිකයන්ගෙන් ලැබුණු විශ්වාසය, පක්ෂපාතිත්වය සහ ආදරණීයත්වය මෙසේ පිළිබිඹු කරනු ලබයි.

People’s Pinnacle සම්මාන උළෙල මගින් මහජනතාව සමඟ සැබවින්ම අත්වැල් බැඳගත් වෙළඳ නාම සම්මානයෙන් පිදුම් ලබන අතර, එය ජනතාවගේ හඬ මතින් ඉදිරියට යන බැවින් මෙම සම්මානය ඉතා සුවිශේෂි සහ අර්ථවත් වේ. මෙය පැලවත්ත කිරි සමාගමේ සමස්ත කිරි නිෂ්පාදන පරාසය පුරා විහිදී ගිය ගුණාත්මකභාවය, නවෝත්පාදනය සහ විශිෂ්ටත්වය සඳහා වූ නොසැලෙන කැපවීම ඊට සාක්ෂියකි.

පැලවත්ත කිරි සමාගම තම වටිනා පාරභෝගික භවතුන් තම සන්නාමය කෙරෙහි දක්වන අඛණ්ඩ සහයෝගය සහ විශ්වාසය වෙනුවෙන් අවංක කෘතඥතාව පළ කරනු ලබයි. පැලවත්ත කිරි සමාගමේ කාර්ය මණ්ඩලයේ කැපවීම කාර්යශූරත්වය සහ සමාගමේ සාර්ථකත්වයේ කොඳු නාරටිය වන දේශීය කිරි ගොවීන් නගා සිටුවමින් සහ ඔවුන් සමඟ ඇති ශක්තිමත් බැඳිම නොමැතිව, මෙම විශිෂ්ඨත්වය කරා ලඟා වීමට කිසිදා නොහැකි වනු ඇත.

සාඩම්බර ශ්‍රී ලාංකික සන්නාමයක් ලෙස, පැලවත්ත කිරි සමාගම, කර්මාන්ත ප්‍රමිතීන් ඉහළ නංවමින් පාරිභෝගික අපේක්ෂාවන් ඉක්මවා යන මට්ටමින් උසස් තත්ත්වයේ, තිරසාර සහ පෝෂ්‍යදායී කිරි නිෂ්පාදන ලබා දීමට ඇප කැපවී සිටී.

More from ව්‍යාපාරික පුවත්More posts in ව්‍යාපාරික පුවත් »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *