Press "Enter" to skip to content

ලෝක වෙළෙ­ඳ­පොළේ රන් මිල අහස උසට

ජාත්‍ය­න්තර වෙළෙ­ඳ­පොළේ පෙර නොවූ විරූ අයු­රින් රත්රන් ට්‍රෝයි අවු­න්ස­යක මිල අමෙ­රි­කානු ඩොලර් හාර­ද­හස (ශ්‍රී ලංකා මුද­ලින් රුපි­යල් දොළොස් ලක්ෂ දස­ද­හස) ඉක්මවා ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. දළ වශ­යෙන් පවුම් 4ක අග­ය­කින් යුතු ට්‍රෝයි අවු­න්ස­යක මිල වාර්තා­ගත අයු­රින් ඉහළ ගොස් ඇත්තේ 1970න් පසුව බව ද වාර්තා වේ. අමෙ­රි­කානු ජනා­ධි­පති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ගෝලීය තීරු­බදු ප්‍රති­ප­ත්ති­යෙන් ලොව පුරා ව්‍යාප්ත වූ ආර්ථික සහ දේශ­පා­ල­නික අවි­නි­ශ්චි­ත­භා­වය මත ආයෝ­ජ­ක­යන් සිය වත්කම් සුර­ක්ෂිත කිරී­මට මහ පරි­මා­ණ­යෙන් රන් මිලදී ගැනීම හේතු­වෙන් මේ තත්ත්වය උදා වී ඇතැයි ජාත්‍ය­න්තර ආර්ථික විශ්ලේ­ෂ­ක­යන් ප්‍රකාශ කළ බව ද විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කරයි.

පසු­ගිය අප්‍රේල් මාසයේ මුල් භාග­යේදී ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ගෝලීය තීරු­බදු ඉහළ නැංවීමේ ප්‍රති­ප­ත්තිය ප්‍රකා­ශ­යට පත් කිරී­මෙන් පසු ලෝක වෙළෙ­ඳ­පොළේ රන් මිල 33%කින් ඉහළ ගොස් ඇති අතර, අය­-වැය පන­තට සෙනෙට් සභාවේ අනු­මැ­තිය නොලැ­බී­මෙන් අමෙ­රි­කානු රජය අක­ර්මණ‍ය වීම ද රන් මිල ඉහළ යෑමට හේතුවී ඇතැයි විදෙස් මාධ්‍ය සඳ­හන් කරයි. ජාත්‍ය­න්තර ආර්ථික විශ්ලේ­ෂ­ක­යන්ගේ වාර්තා­වට අනුව ඊයේ වන­විට ලෝක වෙළෙ­ඳ­පොළේ රත්රන් ට්‍රෝයි අවු­න්ස­යක මිල ඩොලර් 4,036ක් ලෙස සට­හන් වූ බව ද වාර්තා වේ.

More from විදෙස් පුවත්More posts in විදෙස් පුවත් »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *