Press "Enter" to skip to content

ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් ලෙබනනයේ පුද්ගලයන් 11ක් ජීවිතක්ෂයට

දකුණු ලෙබනනයේ ක්ෆර්හටා ගම්මානයට එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් සිව් හැවිරිදි දරුවෙකු ඇතුළු පුද්ගලයන් හත් දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

එමෙන්ම බේරූට් නුවර ජ්නා ප්‍රදේශයට එල්ල වූ තවත් ප්‍රහාරයකින් පුද්ගලයන් සිව් දෙනෙකු මියගොස් තවත් 39 දෙනෙකු තුවාල ලබා ඇති බව ද සඳහන්.

ලෙබනනයේ ජනගහනයෙන් තුනෙන් එකක් පමණ වන ක්‍රිස්තියානි බැතිමතුන් පාස්කු ඉරිදා සමරද්දී, පසුගිය මාසයේ ආරම්භ වූ සටන්වලින් පසු එරට අත්විඳි දරුණුතම සහ ප්‍රචණ්ඩකාරී දිනයක් ලෙස මෙය සටහන් වී ඇත.

විදෙස් මාධ්‍යවලට අනුව මාර්තු අග වන විට හිස්බුල්ලා සටන්කාමීන් 400කට වැඩි පිරිසක් මියගොස් ඇත.

එම කාලය තුළම ඊශ්‍රායල සෙබළුන් අවම වශයෙන් 10දෙනෙකුවත් දකුණු ලෙබනනයේදී මියගිය බව ඊශ්‍රායල හමුදාව පවසයි.

ලෙබනන් සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ඊයේ (05) වන විට ඊශ්‍රායල ප්‍රහාරවලින් ලෙබනනයේ 1,461 දෙනෙකු මියගොස් ඇති බවය.

ගත වූ පැය 24 තුළ පමණක් මරණ සංඛ්‍යාව 39කින් ඉහළ ගොස් ඇත.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *