Press "Enter" to skip to content

මම තවමත් වෙනිසියුලාවේ ජනාධිපතිවරයා – මදුරෝ අධිකරණයේදී කියයි

වෙනිසියුලාවේ ජනාධිපති නිකොලාස් මදුරෝ, තමන් තවමත් රටේ ජනාධිපතිවරයා බව ප්‍රකාශ කරමින්, මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු ඔහුට එරෙහිව ගොනුකර ඇති සියලු චෝදනා ප්‍රතික්ෂේප කර ඇත.

ඔහු ඒ බව සඳහන් කර ඇත්තේ, ඔහුව නිව්යෝර්ක් නගරයේ අධිකරණයකට ප්‍රථම වරට අද ඉදිරිපත් කළ අවස්ථාවේදීය.

එහිදී මදුරෝ පවසා ඇත්තේ, අම‍ෙරිකා එක්සත් ජනපදය විසින් එල්ල කර ඇති මත්ද්‍රව්‍ය ජාවාරම් සහ අනෙකුත් බරපතළ චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරන බවය.

අධිකරණය හමුවේ අදහස් දක්වමින්, “මම තවමත් වෙනිසියුලාවේ ජනාධිපතිවරයාය” යනුවෙන් මදුරෝ අවධාරණය කර ඇත.

More from විදෙස් පුවත්More posts in විදෙස් පුවත් »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *