Press "Enter" to skip to content

රන් මිල සියයට 15 කින් ඉහළට

ලෝක වෙළෙඳපොළේ රන් මිල මාස හයකට අධික කාලයකට පසුව අමෙරිකානු ඩොලර් 2,000 වඩා ඉහළ මිලක් වාර්තා වී ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කරයි.

රත්තරන් අවුන්සයක මිල ඩොලර් 2015.09 ක් ලෙස අද පැවැති බවත් එම මිල පසුගිය මාස 6 ක කාලයක් තුළ ඩොලර් 60 ක සහ වසරක් තුළ ඩොලර් 261 ක් නැතහොත් සියයට 15 ක ඉහළ යෑමක් බවත් විදේශ මාධ්‍ය කියයි.

අමෙරිකානු ඩොලරය සාපේක්ෂව දුර්වල වීම සහ අමෙරිකානු මහ බැංකුව පොලී අනුපාත සම්බන්ධයෙන් පරික්ෂාකාරී ක්‍රියාමාර්ග අනුගමනය කිරීම රත්තරන් මිල ඉහළයාමට ආසන්නතම හේතුව බවත් අමෙරිකානු ඩොලරය සෙසු විනිමයවලට සාපේක්ෂව සියයට 0.1 කින් පහත වැටීමත් මෙයට හේතුව බවත් විදෙස් මාධ්‍ය වැඩි දුරටත් සඳහන් කරයි.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *