Press "Enter" to skip to content

දේවගැති ජෙරොම් ප්‍රනාන්දු ශ්‍රී ලංකාවට

බෞද්ධාගමට අපහාස වන පරිදි ප්‍රකාශ සිදු කර , පසුව සිංගප්පූරුව වෙත ගොස් සිටි දේවගැති ජෙරොම් ප්‍රනාන්දු අද (29) අලුයම කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණි බව ආගමන විගමන දෙපාර්තමේන්තු ප්‍රකාශකවරයෙකු පැවසීය .

මෙම දේවගැතිවරයා එවැනි අපහාසාත්මක ප්‍රකාශ සිදු කිරීමෙන් අනතුරුව අධිකරණය මගින් අත් අඩංගුවට ගැනීමට සහ ශ්‍රී ලංකාව තුළට ඇතුළු වීම සදහා ගුවන් ගමන් තහනමක් පනවා තිබූ අතර පසුව එම තහනම ඉවත් කර තිබුණි .

දේවගැති ජෙරොම් ප්‍රනාන්දු අද (29) දින අලුයම 01.32 ට දෝහා සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 658 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ , එහි මුදල් ගෙවා පහසුකම් ලබන “රන් මාවත” ( Gold Route ) විශේෂ අමුත්තන්ගේ මැදිරිය ඔස්සේ ගුවන් තොටුපොළෙන් පිටත්ව ගොස් තිබුණි.

මෙම දේවගැතිවරයා සමග තවත් දෙදෙනෙකු ද පැමිණ තිබේ.

More from දේශීය පුවත්More posts in දේශීය පුවත් »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *