Press "Enter" to skip to content

පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා පත්කිරීමේ බලය ඇමැතිවරයාට නෑ

පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා පත් කිරීමේ බලය පුරාවිද්‍යා ආඥා පනතෙන් කිසිදු ආකාරයකට ඇමැතිවරයාට පවරා නැති බව බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික හා ආගමික කටයුතු ඇමැති විදුර වික්‍රමනායක මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (28) පැවසීය.

එම ධුරය පත් කිරීමේ හැකියාව පවතිනුයේ කැබිනට් මණ්ඩලයට බව ද ඇමැතිවරයා පැවසුවේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය.

ස්ථීර වශයෙන් අධ්‍යක්ෂ ජනරාල්වරයකු පත්කර ගැනීම සඳහා පුවත්පත් දැන්වීමක් පළ කර අයදුම්කරුවන් සම්මුඛ පරීක්ෂණයකට කැඳවීමට පියවර ගන්නා බව ද ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු ස්ථිර වශයෙන් පත් කිරීම සඳහා හැකි ඉක්මනින් කටයුතු කරන බව ද ඇමැතිවරයා කීය.

මේ වන විට රට පුරා ප්‍රදේශවලින් පුරාවිද්‍යා ප්‍රදේශ 45ක් හඳුනාගෙන ඇති අතර ගැසට් මඟින් ප්‍රකාශයට පත් කර ඇති පුරාවිද්‍යා ප්‍රදේශ සංඛ්‍යාව 136ක් බව ද ඇමැතිවරයා පැවසුවේය.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *