Press "Enter" to skip to content

පැවිදි වූ වියට්නාම් විශ්ව රූ රැජින මිහින්තලා පුදබිම වැඳපුදා ගනී

විශ්ව රූ රැජිණක් ලෙස කිරුළ පැළඳී වියට්නාම් ජාතික ආචාර්ය එලිසෙබෙත් මහත්මිය, එලිසෙබෙත් සුජාතා භික්ෂුණිය පැවිදි දිවිය වසර 15 සපිරීම නිමිත්තෙන් පසුගිය දා ශ්‍රී ලංකාවට වැඩම කළාය.

එලිසෙබෙත් සුජාතා භික්කුනීය ඓතිහාසික මිහින්තලා රජමහා විහාරස්ථානය වැඳපුදා ගැනීමට ද අමතක නොකළාය.

පැවිදි දිවියට එළඹීමට පෙර එලිසෙබෙත් සුජාතා භික්කුනීය වියට්නාමයේ රූ රැජිණ ලෙස සිව් වතාවක් කිරුළු දරා ඇති අතර ය විශ්ව රූ රැජිණ ලෙස ද කිරුළ හිමි කරගත්තාය. අනතුරුව ජීවිතයේ යථාර්ථය අවබෝධ කර ගත් ඇය සියලු සැප සම්පත් අතහැර පැවිදි දිවියට එළඹීමට තීරණය කර ඇත.

සුජාතා භික්කුනී මෙහෙනින් වහන්සේගේ පැවිදි දිවියට වසර 15ක් ගතවීම නිමිත්තෙන් ලංකාවට වැඩම කොට ඓතිහාසික පුදබිම් වන්දනාමාන කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව මිහින්තලා රාජමහා විහාරස්ථානයට පෙරේදා වැඩම කළ සුජාතා මෙහෙනින් වහන්සේ, ධාතූන්වහන්සේලා වැඳපුදා ගැනීම හා මිහින්තලා පුද බිමේ වන්දනාමාන කටයුතුවල නිරත වු සේක. එමෙන් ම වැදපුදා ගැනීමට පැමිණී බැතිමතුන් සමඟ සුහද පිළිසඳරක ද යෙදුණු අයුරු දක්නට ලැබුණි

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *