Press "Enter" to skip to content

පාසල් කණිෂ්ඨ රතු කුරුස සාමාජිකයන්ට පදක්කම් පළඳවයි

ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ කොළඹ ශාඛාව මගින් 2023 අධ්‍යයන වර්ෂය සදහා පාසල් කණිෂ්ඨ රතු කුරුස සාමාජිකයන් පන්සියයකට පදක්කම් පැළඳවීම පසුගියදා (04) සිදුකෙරින.

මෙම උත්සවය හෝමාගම පිටිපන ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ ශ්‍රී සෝරත ශාලාවේ දි ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ ජේෂ්ඨ උප සභාපති ජගත් අබේසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

ශ්‍රී ලංකා රතු කුරුස සමාජය අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ එක්ව දිවයින පුරා පාසල් පන්සියයකට ආසන්න සංඛ්‍යාවක පාසල් කණිෂ්ඨ රතු කුරුස කවයන් පිහිටුවා සක්‍රීයව පවත්වා ගෙනයනු ලබයි.

මේ සඳහා පසුගිය දා පැවැත් වූ මූලික විභාගයට කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් හතලිස් හතරක් නියෝජනය කරමින් සිසුන් දෙදහසකට ආසන්න සංඛ්‍යාවක් පෙනී සිටි බව ශාඛා සංවර්ධන අධ්‍යක්ෂිකා කුමාරි කොතලාවල මහත්මිය පවසයි.

එමෙන්ම මෙය මෙරට රතු කුරුස සමාජ ඉතිහාසයේ වැඩිම සිසු ප්‍රජාවක් රතුකුරුස මූලික විභාගයට පෙනී සිටි අවස්ථාව බව කොතලාවල මහත්මිය වැඩිදුරටත් කියාසිටියි.

මෙම රතු කුරුස මූලික විභාගය සමත් වී පදක්කම් සඳහා සුදුසුකම් සැපිරූ සිසුන් අතරින් ඉහල මට්ටමක ලකුණු ලබා සමත් වූ සිසු සිසුවියන් පන්සියයකට මෙදින පදක්කම් ප්‍රදානය සිදු කෙරුණු අතර මෙසේ පදක්කම් පන්සියයක් එකවර එක ස්ථානයක දී පැළඳූ ප්‍රථම අවස්ථාව මෙය බව ජගත් අබේසිංහ මහතා පවසයි. විභාගය සමත් සෙසු දරු දැරියන්ට පදක්කම් පැළඳවීමේ උත්සව ඉදිරි මාසය තුළ පැවැත්වීමට බලාපොරොත්තු වේ.

මෙම අවස්ථාවට මධ්‍යම පාලක මණ්ඩල සමාජික උපාලි සිරිමාන්න මහතා, ආචාර්ය අමිල කංකානම්ගේ මහතා, අධ්‍යාපන අමාත්‍යංශයේ විෂය සමගාමී මාර්ගෝපදේශක නියෝජ්‍ය අධ්‍යක්ෂිකා නිරෝෂා කන්නන්ගර මහත්මිය, ප්‍රවර්ධන කළමනාකරු මනෝජ් රුද්‍රිගු මහතා, කොළඹ කොට්ඨාශ අධ්‍යාපන අධ්‍යක්ෂවරු සහ ශාඛා සංවර්ධන අධ්‍යක්ෂිකා කුමාරි කොතලාවල මහත්මිය ද කොළඹ ශාඛා කමිටුවේ සාමාජිකයෝ  ද එක් වූහ.




Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *