Press "Enter" to skip to content

මහනුවර නගරයේ ගස් දෙකක් කඩා වැටී වාහන 8කට හානි

මහනුවර අස්ගිරිය තිලක් රත්නායක මාවතේ තිබූ දැවැන්ත බෝ ගසක් සහ සපු ගසක් මහා මාර්ගයට ඇද වැටීම හේතුවෙන් මහමග ගමන් කරමින් තිබූ ත්‍රිරෝද රථයක් ඇතුළු වාහන අටකට බරපතල හානි සිදු වී දෙදෙනෙකු තුවාල ලැබූ බව මහනුවර පොලිසිය පවසයි.

අද (27) මහනුවර නගරයට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාවත් සමග පොලිස් ක්‍රීඩා පිටිය ඉදිරිපිට පොලිස් නිල නිවාස වලට හැරෙන තුන් මං හන්දියේ තිබූ මෙම දැවැන්ත බෝගස සහ සපු ගස එක්වරම මහා මාර්ගයට ඇද වැටී තිබේ.

මහ මඟ ගමන් කරමින් තිබූ ත්‍රිරෝද රථයේ සිටි දෙදෙනෙකු එම අනතුරින් තුවාල ලබා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කොට ඇති අතර පාරේ නවතා තිබූ කේ.ඩී.එච්. වර්ගයේ වෑන් රථයක් ඇතුළු මෝටර් රථ 07 කට පමණ ගස කඩා වැටීමෙන් බරපතල හානි සිදුව ඇති බව පොලිසිය කියයි.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *