රෝග තත්ත්වයක් මත ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුලත් කරන ලද රෝගියෙකු මිය යාමෙන් අනතුරුව කළ පරීක්ෂණයේදී ඇයගේ මරණයට හේතුව කොවිඩ් නියුමෝනියා තත්ත්වයක් බව අනාවරණය වී ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි.
යක්කලට නුදුරු ප්‍රදේශයක පදිංචිව සිටි 63 හැවිරිදි කාන්තාවක් මෙලෙස මිය ගොස් ඇත.
දේහය පිළිබඳ පරීක්ෂණයේදී කොවිඩ් නියුමෝනියා තත්ත්වයෙන් මිය ගිය බවට, රෝහලෙහි අධිකරණ වෛද්‍ය නිලධාරී වාර්තාව මගින් තහවුරු කොට ඇති බව කළ විමසුමකට පිළිතුරු දෙමින්, ගම්පහ හදිසි මරණ පරීක්ෂක වෛද්‍ය පී.පී.ආර්.පී.රාජපක්ෂ මහතා පැවසීය.
මියගිය තැනැත්තියගේ දේහය, ගම්පහ මහ නගර සභාව යටතේ පාලනය වන කසගහවත්ත ආදාහනාගාරයේදී ආරක්ෂක විධිවිධාන සහිතව ආදාහනය කිරීමට පියවර ගෙන ඇති බව නගර සභා ආරංචි මාර්ග සඳහන් කරයි.
මීට දින කිහිපයකට පෙර මහනුවර මහරෝහලෙන්ද කොරෝනා මණයක් වාර්තා වී තිබිණි.
Be First to Comment