Press "Enter" to skip to content

මුව ආවරණ පැළඳීමේ වරදක් නෑ

යළි මුව ආවරණ පැළදීමේ වරදක් නැතැයි සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

පසුගිය කොවිඩ් වසංගතය කාලසීමාවේ මුව ආවරණ පැළැදීමෙන් ස්වසන රෝග රාශියකින් ආරක්ෂා විය හැකි බව අනාවරණය වූ බව කී අමාත්‍යවරයා එම කාලයේ ස්වසන රෝග අවම මට්ටමක පැවැති බව ද කීය. එබැවින් නැවත මුව ආවරණ පැළදීමේ වරදක් නොවන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

පසුගිය කාලයේ පැතිර ගිය උණ රෝගය හේතුවෙන් කොවිඩි නව ප්‍රභේදයක් ලංකාවට ඇතළු වීමේ තර්ජනය පිළිබදව කථා බහක් ඇති වූ බව කී අමාත්‍යවරයා ඒ පිළිබදව ඉතාම විමසිල්ලෙන් පසුවන අතර සෞඛ්‍ය අමාත්‍යාංශය අවශ්‍ය සියලු අංශ දැනුවත් කර පසුවිපරම සඳහා අවශ්‍ය පියවර ගනිමින් ඇති බව එහිදී කීය.

පසුගිය කාලය පුරා ඉතා හොද එන්නත්කරණ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වූ බැවින් රටේ ජනතාවගේ ප්‍රතිශක්තිකරණය හොඳ මට්ටමක ඇති බවත් මෙම රෝගී තත්ත්වය පිළිබදව අනවශ්‍ය බියක් ඇති කර නොගත යුතු බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙම මාධ්‍ය හමුව සදහා සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන, වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නව සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම යන මහත්වරුන් එක්වූහ.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *