Press "Enter" to skip to content

වරාය උද්ඝෝෂණය නවත්වන්නැයි කළ ඉල්ලීම් අධිකරණයෙන් ඉවතට

වැටුප් වැඩි කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් වරාය ඒකාබද්ධ වෘත්තීය සමිති එකමුතුව වරාය පරිශ්‍රයේ අද(28) දින පවත්වන උද්ඝෝෂණය සහ පෙළපාලිය වළක්වන ආඥාවක් නිකුත් කරන්නැයි වරාය සහ වෙරළබඩ පොලීසි දෙක කළ ඉල්ලීම් දෙකක් ඉවත දැමීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (28) නියෝග කළේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති මූලික මිනිස් අයිතිවාසිකමක් වන භාෂනය හා ප්‍රකාශනයේ නිදහස සීමා කිරීම නොකළ යුතු බවත්,වාරණ ආඥාවක් නිකුත් කිරීමට තරම් ප්‍රමාණවත් කරුණු පොලීසිය ඉදිරිපත් කර නොමැති හෙයින් ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බවත් අදාල නියෝගය නිකුත් කරමින් අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා සඳහන් කළේය.

නීති විරෝධී රැස්වීමක් හෝ උද්ඝෝෂණය මගින් අපරාධ වැරදි සිදුවේ නම් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමේ හැකියාව පොලිසියට ඇති බව පෙන්වා දුන් මහේස්ත්‍රාත්වරයා අපරාධ නඩු විධාන සංග්‍රහයේ 106 වගන්තිය යටතේ ආඥාවක් නිකුත් කිරීම ප්‍රතික්ෂේප කළේය.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *