Press "Enter" to skip to content

කොවිඩ් පරීක්ෂණ දෙගුණ කරයි

මෙරට කොවිඩ් පරීක්ෂණ ගණන දෙගුණයක් කළ බව ජනාධිපති වෘත්තිය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පැවසීය.

ලෝකය පුරා අලුත් කොවිඩ් ප්‍රභේදයක් පැමිණ ඇති නමුත් කොරෝනා යළි පැතිරීමක් සම්බන්ධයෙන් බොරු බියක් ඇතිකර ගැනීමට අවශ්‍ය නොවන බව රත්නප්‍රිය මහතා කීය.

කොරෝනා මෙන්ම වසංගත රෝග සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය සෙවිල්ලෙන් සිටින බවත් බස්නාහිර පළාතේ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව වැඩි වී ඇති අතර රෝග මර්දනය කිරීමේදී ජනතාවටත් වගකීමක් පැවරෙන්නේ යැයි රත්නප්‍රිය මහතා සඳහන් කළේය.

සිවිල් සංවිධාන සහ වෘත්තීය සමිති එකමුතුවේ මාධ්‍ය හමුවකදී රත්නප්‍රිය මහතා මේ බව කීය.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *