Press "Enter" to skip to content

ඉන්ධන – ගෑස් වරාය බද්දෙන් ඉවතට

ඉන්ධන සහ ගෑස් සඳහා ලබන ජනවාරි 1 වැනිදා සිට වැට් බද්ද ක්‍රියාත්මක කිරීමේදී ඒ සඳහා වන වරාය හා ගුවන්තොටුපොළ බද්ද ඉන් ඉවත්කරන බව මුදල් අමාත්‍යාංශයේ බදු ප්‍රතිපත්ති උපදේශිකා තනුජා පෙරේරා මහත්මිය අද (28) පැවසුවාය.

ඉන්ධන සඳහා සියයට 18 ක වැට් බද්ද ක්‍රියාත්මක කිරීමේදී එම බද්දෙන් සියයට 7.5 ක වරාය හා ගුවන්තොටුපොළ බද්ද ඉවත් වන බව කී තනුජා පෙරේරා මහත්මිය ගෑස් සඳහා සියයට 18 ක වැට් බද්ද ක්‍රියාත්මක කිරීමේදී ගෑස් සඳහා දැනට අය කරන සියයට 2.5 ක වරාය හා ගුවන්තොටුපොළ බද්ද ඉවත් කරන බව ද සදඟන් කළාය.

ඉන්ධන සහ ගෑස්වලට වැට් බද්ද පැනවීමෙන් පසුව මිල වැඩිවීමත් වුවත් එය සියයට 18 කින් ඉහළ නොයන බව කී ඇය පෙට්‍රල්, ඩීසල් සහ ගෑස් වැනි දේවල්වලට උපරිම මිලක් නියමන කිරීම හේතුවෙන් අදාල බදු අඩු වැඩිවීම් ගලපා මිල තීරණය කරනු ඇති බව ද කීවාය.

ඉන්ධන සහ ගෑස්වලට අමතරව වරාය හා ගුවන්තොටුපොළ බද්දට යටත් වන තවත් භාණ්ඩ කීපයක් හදුනාගෙන ඇති බවත් එම භාණ්ඩවලට ද බදු ගැලපීම් කිරීමට නියමිත බව ද මුදල් අමාත්‍යාංශයේ බදු ප්‍රතිපත්ති උපදේශිකා තනුජා පෙරේරා මහත්මිය වැඩි දුරටත් පැවසුවාය.

කොළඹදී අද (28) පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී මුදල් අමාත්‍යාංශයේ බදු ප්‍රතිපත්ති උපදේශිකා තනුජා පෙරේරා මහත්මිය එසේ පැවසුවාය.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *