Press "Enter" to skip to content

කෙහෙලිය රකින්න අත ඉස්සූ 113ත් ඖෂධ වංචාවට වගකිව යුතුයි

ඖෂධ වංචාවට හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මෙන්ම ඔහු රකින්න පාර්ලිමේන්තුවේ අත ඉස්සූ 113ත් වගකිව යුතු යැයි- විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

කෙහෙලිය රඹුක්වැල්ලට පක්ෂපාතී වී ඔහු වෙනුවෙන් පෙනී සිටි පුද්ගලයන් සොයා බලන ලෙස ලක්ෂ 220ක් ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් විපක්ෂනායකවරයා සඳහන් කළේය.

හියුමන් ඉමියුනෝ ග්ලොබියුලින් ඇතුළු ඖෂධ ක්ෂේත්‍රයේ පසුගිය කාලයේ සිදුවූ හොරකම්, දූෂණ හා වංචා සම්බන්ධ විමර්ශනයක් මේ වන විට සිදු වෙමින් පැවතියත් මේ සම්බන්ධයෙන් ප්‍රථමයෙන්ම හඬ නැගුවේ සමගි ජන බලවේගය බවත් ඔහු කීවේය.

සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 58 වැනි අදියර යටතේ කලා වැව මුස්ලිම් විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව පැවසිය.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *