Press "Enter" to skip to content

අරාබියේ බන්ධනාගාරගතව සිටි ලාංකිකයින් 44කට නිදහස

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ 52 වැනි නිදහස් දිනය නිමිත්තෙන් එරට බන්ධනාගාරවල සිටි ශ්‍රී ලාංකිකයන් 44 කට සමාව ලබා දී ඇත. එරට විදේශ කටයුතු අමාත්‍යංශය නිල වශයෙන් අබුඩාබිහි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට නිල වශයෙන් දැනුම් දී තිබේ.

ශ්‍රී ලාංකිකයන් 44 දෙනකුට සමාව ලබා දීම තුලින් ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර ද්වි පාර්ශ්වික සබඳතා තවත් ශක්තිමත් වනු ඇතැයි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පැවැසුවේය. එක්සත් අරාබි එමීර් රාජ්‍යය එම ශ්‍රී ලාංකිකයන් 44 දෙනා ආරක්ෂිතව මෙරටට එවීමට ඉදිරියේදී කටයුතු කරනු ඇතැයි තානාපති කාර්යාලය සඳහන් කළේය.

ඔවුන් ආරක්ෂිතව මෙරටට එවීම සහතික කිරීම සඳහා අබුඩාබි හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එක්සත් අරාබි එමීර් රාජ්‍ය බලධාරීන් සහ ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය සමඟ සහයෝගයෙන් සම්බන්ධීකරණ කටයුතු කරනු ලබයි.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *