Press "Enter" to skip to content

හච් සමාගමට එරෙහිව වාරණයක්

හච්සන් ටෙලිකොමියුනිකේෂන් සමාගම විසින් ජයසුන්දර මුදියන්සේලාගේ ගාමිණි යන අයගේ ජාතික හැදුන්ම්පත් අංකය යටතේ තවත් සිම් කාඩ් 1191ක් නිකුත් කිරීමේ නීති විරෝධි ක්‍රියාවක් සම්බන්ධයෙන් කොළඹ දිසා අධිකරණයට අද(02) කරුණු වාර්ථා කිරීමක් සිදුකර ඇත.

එක් පුද්ගලයෙකුගේ ජාතික හුදුනුම්පත් අංකයක් යටතේ සිම් කාඩ් 5 පමණක් නිකුත් කිරීමට හැකි වුවද සිම්කාඩ් 1191 නිකුත් කිරිම බලවත් නීති විරෝධි ක්‍රියාවක්වන බවත් එමගින් පැමිණිලිකරු බලවත් පීඩා රැසකට මුහුණ දී ඇති බවටත් එහිදී පෙන්වා දී තිබේ.

පසුගිය දින ඇල්ල පොලිස් ස්ථානය විසින් පැමිණිලිකරුව පොලිස් ස්ථානයට කැදවා ඇත. එහිදී පැමිණිලිකරු විසින් ජංගම දුරකථන සොරකමක් සිදු කිරීම සම්බන්ධයෙන් කරුණු අනාවරණය කරගෙන ඇති බවත් ඒ අනුව පැමිණිලිකරුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලබන බවට පොලීසිය සදහන් කර ඇති බවත් සදහන් වේ.

කෙසේ වෙතත් ඒ අවස්ථාවේ දී හච් ආයතනය විසින් සිදු කොට ඇති මෙම නිති විරෝධි ක්‍රියාව සම්බන්ධයෙන් කරුණු අනාවරණය කර ගැනිමෙන් අනතුරුව පැමිණිලිකරුව ඇල්ල පොලිස් ස්ථානය විසින් මුදාහැර ඇත.

කෙසේ වෙතත් හච් ආයතනයේ මෙම නීති විරෝධි ක්‍රියාව වලක්වාලමින් පැමිණිලිකරුගේ ජාතික හැදුනුම්පත් අංකය යටතේ සිම්පත් නිකුත් කිරීම වාරණය කරමින් කොළඹ දිසා විනිසුරු සදුන් විතානගේ මහතා විසින් අද වාරණ නියෝගයක් නිකුත් කරනු ලැබීය.

මෙහිදි පැමිණිලිකරු වෙනුවනේ පෙනි සිටි නිතිඥ සදුන් සේනාධිපති මහතා කරුණු දක්වමින් සදහන් කර සිටියේ පුද්ගලයෙකුගේ ජීවත් වීමේ නිදහසට බාධා කිරීම බලවත් අසාධාරණ තත්වයක් වන බවත් එමගින් පුද්ගලයෙකුට මානසික පීඩා ගෙන ඒමට කිසිදු පුද්ගලයෙකුට හෝ ආයතනයකට හැකියාවක් නොමැති බවත්ය.

නැවතත් මෙම නඩුව ජනවාරි 16 වැනිදා කැදවීමට අධිකරණය විසින් නියම කළේය.

More from දේශීය පුවත්More posts in දේශීය පුවත් »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *