Press "Enter" to skip to content

BCI සරසවිය Career Day 2023 හරහා උපාධි අපේක්ෂකයින්ට වෘත්තීය අවස්ථා විවර කරයි

උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ පෞද්ගලික උපාධි පිරිනමනු ලබන ප්‍රමුඛයකු ලෙස පිළිගැනීමට පාත්‍ර වී සිටින BCI සරසවිය, ලොව ප්‍රමුඛ පෙළේ ජාලකරණ සහ විශේෂඥ උපදේශන යොමු කිරීමේ සංවිධානයේ කොටසක් වන BNI Pearl Chapter සමග එක්ව පළමු වරට පවත්වනු ලැබූ BCI වෘත්තීය දිනය 2023 (Career Day) BCI පරිශ්‍රයේ පිහිටි Christ King ගොඩනැගිල්ලේදී පසුගිය නොවැම්බර් මාසයේදී සාර්ථකව පවත්වනු ලැබීය. විවිධ පුද්ගලයන් සමග සේවා යෝජකයන් ඒකාබද්ධ කරමින්, උපාධි අපේක්ෂකයින්ට විවිධ රැකියා අවස්ථා සහ සීමාවාසික පුහුණු අවස්ථා පිළිබඳව පළමු වරට අපේක්ෂාවන් ඇති කර වීමට මෙම දිනය විශාල අත්වැලක් සැපයීය.

පැමිණ සිටි පිරිස් හට උණුසුම් පිළිගැනීමක්, අන්තර් සබඳතා සම්මුඛ සාකච්ඡා සැසි, සවිස්තරාත්මක සරසවි ක්ෂේත්‍ර චාරිකාවක් සහ සමූහ දිවා භෝජන සංග්‍රහයක් මෙම උත්සවයේ න්‍යාය පත්‍රයට ඇතුළත් විය.

ප්‍රමුඛ පෙළේ සේවා යෝජකයින් 30 කට වැඩි පිරිසක් මෙම අවස්ථාව සඳහා සහභාගී වූ අතර ආයතන සඳහා අවශ්‍ය සුදුසුකම් සපුරාලනු ලැබූ දක්ෂ කුසලතාවයන් සහිත විවිධ, ආකර්ෂණීය රැකියා සහ සීමාවාසික භූමිකාවන් සහ වෘත්තීය මාර්ග අපේක්ෂාවන් සහිත උපාධි අපේක්ෂකයින් ඔවුන් සමග සම්බන්ධ විය. එහිදී සිසුන් කිහිපදෙනෙකු එම ස්ථානයේදීම පුහුණු රැකියා සඳහා බඳවා ගැනුණු අතර ඒ තුළින් කර්මාන්ත තුළ සීමාවාසික අවස්ථාවන් හිමිවීම ද විශේෂත්වයක් විය. එකින් එක සම්මුඛ සාකච්ඡා හරහා සිසුන්ට ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සමග පුද්ගලානු බද්ධව සහ අර්ථවත් සබඳතා ඇතිකර ගැනීමට, බලගැන්වීම්, ජාල ගත වූ සහ අනාගත රැකියා ලබා ගැනීමට මෙම අවස්ථාව මගින් ඔවුන්ට හැකි විය. ආරාධිත සේවා යෝජකයින්ට ආයතනයේ ආචාර ධර්ම හා ස්වභාවය පිළිබඳව අවබෝධ කර ගැනීමට අවස්ථාවක් සලසා දෙමින් ඔවුන්ව සරසවිය තුළ ක්ෂේත්‍ර චාරිකාවකට එක් කරනු ලැබීය.

මෙම වෘත්තීය දිනය පිළිබඳව අදහස් දක්වමින් BCI සරසවියේ උපකුලපති ආචාර්ය කැමිලස් ප්‍රනාන්දු පියතුමා මෙසේ පැවසූහ. ”BCI සරසවි දිනය හෙට දවසේ නායකයින් පෝෂණය කරමින් අපගේ උපාධිධාරී සිසුන්ගේ ජීවිතවලට තීව්‍ර බලපෑමක් ඇති කිරීමට පුළුවන් අගනා වේදිකාවක් වූවා. අපගේ සිසුන්ට ඔවුන්ගේ ඉහළම දක්ෂතාවයන් වෙත ළඟා වීමට හා ඔවුන්ව බලගැන්වීම සඳහා විශාල සහයක් සහ කැපවීමක් ලබා දුන් BNI Pearl Chapter සංවිධානය වෙත අපගේ ස්තූතිය පුද කරනවා. අපගේ සරසවි දිනය ඇතුළුව වෙනත් විවිධ මුලපිරීම් සහ සිසුන්ගේ හා ප්‍රජාවගේ ජීවිත වෙනසකට ලක් කිරීමට විශේෂක්ඥ දැනුම ලබා දීමට BCI සරසවිය සමග සහයෝගයෙන් කටයුතු කරන ලෙස අපි තවත් සේවා යෝජකයින්ට, ව්‍යවසායකයින්ට සහ වැඩකරන වෘත්තිකයන්ට ආරාධනා කර සිටිනවා.”
සාධනීය ශිෂ්‍ය ප්‍රජාවකගේ සහ සේවා යෝජක සහභාගීත්වය, ඉල්ලුමට සරිලන නිපුණතා සහිත සේවා කාර්යයන් ඉටු කිරීමට සූදානම් උපාධිධාරීන් බිහි කිරීම වෙනුවෙන් ආයෝජනය කරන ලද පුරෝගාමී උසස් අධ්‍යාපන ආයතනයක් ලෙස BCI සරසවිය සිය කාර්යභාරය මැනවින් විදහා දක්වයි. වෘත්තීය දිනය අතර තුළ ලබා ගන්නා සංවිධානාත්මක ශිෂ්‍ය-සේවා යෝජක සබඳතා හරහා ඔවුන්ගේ වෘත්තීය අවස්ථාවන් තුළ සේවය කිරීමට හැකියාවක් ඇති අතර, එම අවස්ථාව සිසුන්ට දිගුකාලීන වර්ධනයක් සහ සාර්ථකත්වයක් අත්කර ගැනීමට සහයක් වේ.

තොරතුරු තාක්ෂණය පිළිබඳව විද්‍යාවේදී උපාධිය හදාරනු ලබන 3 වන වසරේ ශිෂ්‍යාවක වන ඉමාෂා විලියම්ස් විසින් සිය අත්දැකීම පිළිබඳව අදහස් දක්වමින් මෙසේ පැවසුවාය. ”අද අපගේ තුන්වන වසරේ සිසුන් සැබෑ වෘත්තීය දිනයක අත්දැකීම විඳගත්තා. ව්‍යාපාරික ලෝකයේ ප්‍රධානීන් සමග සබඳතා පැවැත්වීමට සහ ඔවුන්ගේ වෘත්තීය මාර්ග හඳුනා ගැනීමට එය සිසුන්ට විශාල අවස්ථාවක් ලබා දුන්නා. අපි වෘත්තීය ලෝකයට අවතීර්ණය වන විට, අපගේ වෘත්තීය මාර්ගය දැන ගැනීම ඉතා වැදගත්. ඒ වගේම අද අපට පුළුල් පරාසයක විහිදී ඇති සමාගම්වල පිළිගැනීමට පාත්‍ර වූ සහ කීර්තිමත් විශේෂඥයින් හමුවීමට අවස්ථාව හිමි වූවා. මෙම දිනය සංවිධානය කිරීම සම්බන්ධයෙන් BCI විසින් කරනු ලබන කැපකිරීම අපි සැබවින්ම අගය කර සිටිනවා. BCI වෙත පැමිණ ලියාපදිංචි වී ඔවුන්ගේම වෘත්තීය මාර්ග සලසා ගැනීමට ඇති අවස්ථාවන් අත්විඳින ලෙස අපි තරුණයින්ට ආරාධනා කරනවා.”

BCI සරසවියෙහි අරමුණ වන්නේ ශ්‍රී ලාංකේය තරුණ තරුණියන් වෘත්තීය මට්ටමින් සවිබල ගැන්වීම සඳහා ආයතනික ජාලයන් සමග එක්ව සහයෝගයෙන් කටයුතු කරමින්, එවැනි වෘත්තීය අවස්ථා වේගවත් කිරීම සඳහා අවශ්‍ය මුලපිරීම් වලට අඛණ්ඩව පහසුකම් සැලසීමයි.

More from ව්‍යාපාරික පුවත්More posts in ව්‍යාපාරික පුවත් »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *