සණස ව්‍යාපාරය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන නෙළුම් මල් හා කිරි ආහාර පූජාවේ 24 වැන්න, මෙවරත් අනුරාධපුර ජය ශ්‍රී මහා බොධීන් වහන්සේ පරිශ්‍රයේ දී හා රුවන්වැලි මහා සෑයේ පරිශ්‍රයේ දී පැවැත්විය. සණස මහා සංගමයේ මූලිකත්වයෙන් ලංකාවාසී සියලු දෙනාට සෙත්පතා වාර්ෂිකව සංවිධානය කරනු ලබන මෙම පුන්‍යකර්මයට, මෙවර පුත්තලම ප්‍රදේශයේ සී/ස බෝධිරාජපුර සණස සමිති සංගමය ප්‍රමුඛ අනෙකුත් සණස සමිති දායකත්වය සැපයීය.
ඉකුත් 6 වන දින ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියස නෙළුම් මල් පූජාවෙන් ආරම්භ වී 7 වන දින රුවන්වැලි මහ සෑරඳුන් උදෙසා කිරි ආහාර පූජාවෙන් සහ එදින දහවල් අභයගිරිය දානමය පිංකමෙන් අවසන් කෙරුණු මෙම පුන්‍යෝත්සවය සණස නායක විශ්ව ප්‍රසාදිනී ආචාර්ය පී. ඒ. කිරිවන්දෙණිය මැතිතුමාගේ මූලිකත්වයෙන් පැවැත්වීය. එදින සණස සමිති මූලික කරගනිමින් දිවයිනේ නන්දෙසින් බැතිමතුන් දහස්ගනණක් සහභාගී වූ අතර මෙම පූන්‍යෝත්සවය, සුපුරුදු චාරිත්‍ර අනුගමනය කරමින් සැදැහැ සිතින් සිදුකෙරිණි. එමෙන්ම සණස සමිතිවල මූලිකත්වයෙන් නෙළුම් මල් පූජාව සඳහා විවිධ නර්තන අංගයන්ගෙන් සපිරි පෙරහැරක්ද සංවිධාන කොට තිබූණි.
රටේ ජනතාව වෙනුවෙන් නිරන්තරයෙන් ඇප කැප වන සණස ව්‍යාපාරය, රටට මෙන්ම ශ්‍රී ලාංකේය ජනතාවට සෙත්පතා මෙවැනි ප්‍රජා සත්කාරක වැඩසටහන් ගණනාවක් වර්ෂිකව ක්‍රියාත්මක කරන අතර ඒ සඳහා සණස ව්‍යාපාරයට අයත් ආයතන ජාලයේ දායකත්වයද නොඅඩුව ලැබේ. ඒ අනුව මෙම පුන්‍යෝත්සවය සඳහා දායක වූ සියලු දෙනාට සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් විසින් විශේෂ ස්තූතිය පුදකර සිටී.
Be First to Comment