Press "Enter" to skip to content

ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රීවරු ඉරානයට තම ශෝකය පළ කරයි 

ඉරානයේ කෙර්මන් නගරයේ පසුගිය ජනවාරි 03 වැනිදා සිදු වූ බෝම්බ ප්‍රහාර දෙකකින් අහිංසක සිවිල් පුරවැසියන් සියයකට අධික පිරිසක් මිය යෑම පිළිබඳව ඉරාන රජයට ශෝකය පළ කිරීමට ජාතික නිදහස් පෙරමුණේ නායකත්වය කටයුතු කළහ.

ඒ අනුව ජාතික නිදහස් පෙරමුණේ ප්‍රචාරක ලේකම් මොහොමඩ් මුසම්මිල්, නියෝජ්‍ය ලේකම් නිමල් පියතිස්ස හා දේශපාලන මණ්ඩල සභික ගාමිණී වලේබොඩ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කොළඹ 07, බෞද්ධාලෝක මාවතේ පිහිටි ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති නිල නිවස වෙත ගොස් එහි ඉහත සිදුවීම පිළිබඳ ශෝකය පළ කිරීම පිණිස විවෘතව ඇති සොව පළ කිරීමේ පොතෙහි සටහන් යෙදු අන්දම ඡායාරූපවලින් දැක්වේ.

මෙසේ ශෝකය පළ කිරීමෙන් අනතුරුව ජානිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති අලිරේසා ඩෙල්කොෂ් මහතා සමඟ සුහද පිළිසඳරක ද නිරත වූහ.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *