පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාලේඛන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා සිදු කළ පර්යේෂණයකට අනුව මේ ආර්ථික විනාශය නිසා ලක්ෂ 31ක් දැවැන්ත ණය බරතාවකින් පෙලෙන බවත් ඒ අතරින් ලක්ෂ 7ක් ණය ලබා ගෙන ඇත්තේ ආහාර ලබා ගැනීමට බවත් ලක්ෂ 10ක් ණය අරගෙන ඇත්තේ රන් ආභරණ උකස් කරමින් බවත් මෙය එම පවුල්වල අධ්‍යාපනය, සෞඛ්‍ය හා පෝෂණයට සෘණාත්මකව බලපා ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
ධීවරයන්ට, ගොවිජනතාවට, කම්කරුවාට, ස්වයංරැකියා ලාභීන්ට ප්‍රශ්න ඇති මුත් වත්මන් ජනාධිපතිවරයා මිලියන 250ක් කැපකර නාවික යාත්‍රාවක් සහ හමුදාව රතු මුහුදු මාර්ගය ආරක්ෂා කිරීමට යවා ඇති බවත් ලෝකයේ කෝටිපති රටවල් තිබිය දී රටේ දරුවන්ට දිවා ආහාරය ලබා දිය නොහැකි මේ රජය හූති සටන් කාමීන් මර්දනය කරන්න යන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
රටේ සම්පත් යෙදවිය යුත්තේ රටේ දියුණුවට බවත් පාසල්වලට පරිගණක අරන් දෙනවාට වඩා ජනාධිපතිවරයාට හූතීන් මෙල්ල කිරීම ලොකු වී ඇති බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ 2019 වගේ නැවතත් ඇන්දවීමට රැවටීමට ලක් නොවන ලෙසයි.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද (9) සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහනේ 63 වැනි අදියර යටතේ මීගමුව මංකුලිය සාන්ත අන්තෝනි විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි.
Be First to Comment