Press "Enter" to skip to content

සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් වෙතින් දිවයින පුරා පුහුණු මධ්‍යස්ථාන රැසක්

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රක්ෂණ සමාගමක් වන වන සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් කම්පැනි පීඑල්සී සිය ගමන්මඟේ තවත් එක් ජයග්‍රාහි සන්ධිස්ථානයක් සනිටුවහන් කරමින් ආයතනය සතු මානව සම්පතෙහි අවශ්‍යතාවය පරිදි ඔවුන්ගේ දැනුම, ආකල්ප හා කුසලතාවයෙන් වැඩිදියුණු කරනු වස් දිවයින පුරා පුහුණු මධ්‍යාස්ථාන විවෘත කිරීමේ ක්‍රියාන්විතයක් ආරම්භ කර ඇත. එහි පළමු වැන්න පසුගිය දින අනුරාධපුර නගරයෙන් ආරම්භ කෙරුණු අතර එවැනි මධ්‍යස්ථාන 8ක් දිවයින පුරා ආරම්භ කිරීමට කටයුතු සැලසුම් කර ඇත.

සණස ව්‍යාපාරය විසින් අනුරාධපුර පූජා නගරය මූලික කොට ගනිමින් වාර්ෂිකව පවත්වනු ලබන නෙළුම් මල් හා කිරි ආහාර පූජොත්සවය අලලා අනුරාධපුර පූජා නගරයෙන් ආශිවාදාත්මක අයුරින් ආරම්භ කෙරුණු මෙම පුහුණු මධ්‍යස්ථානය සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් ආයතනයේ පුහුණු හා සංවර්ධන අංශයේ ක්‍රියාන්විතයකි. ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත් වූ මෙම විවෘත කිරීම සඳහා සණස නායක විශ්ව ප්‍රසාදිනි ආචාර්ය පී. ඒ. කිරිවන්දෙණිය මැතිතුමා, අධ්‍යක්ෂක මණ්ඩලය, කළමනාකරණ අධ්‍යක්ෂක ඉන්දික කිරිවන්දෙණිය මහතා සහ සභාපති ආචාර්ය එච්. ජේ. එස්. කේ. වික්‍රමරත්න මහතාගේ ආශිර්වාදය ඇතිව සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි අයිවන් නිකලස් මහතා, ප්‍රධාන ව්‍යාපාර නිලධාරි කෙනඩි ජේ. මයිකල් මහතා ඇතුළු ආයතනයේ ඉහළ කළමනාකාරිත්වයේ පිරිසක් සහභාගි වී සිටියහ.

මෙහිදි අදහස් දක්වමින් සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් ආයතතයේ ප්‍රධාන විධායක නිලධාරි අයිවන් නිකලස් මහතා ප්‍රකාශ කර සිටියේ “මෙය රක්ෂණ ක්ෂේත්‍රයේ ජයග්‍රාහි කඩඉමක් ලෙස සලකනු ලබන බවත් මෙය තුළින් හුදෙක් ආයතනයේ සේවයේ යෙදෙන නිලධාරින්ට පමණක් නොව රටේ ජනතාවගේ ජීවිත ආරක්ෂාව සපයන වගකිව යුතු ආයතනයක් වශයෙන් පුහුණුවට කැමති, පුහුණුව අවශ්‍ය ආයතනයේ නොවන පුද්ගලයන්ගේ දැනුම, ආකල්ප හා කුසලතා වැඩි දියුණු කිරීමටත් මෙම පුහුණු මධ්‍යස්ථාන තුළින් ක්‍රමවේදයක් ඉදිරියේදී සකස්කිරීමට සැලසුම් සකස් කරන බවත් ය, එමෙන්ම ආයතනයේ මූලික ව්‍යාපාර මූලය වන සණස සමිති අතර තිබෙන සබඳතාවය මේ තුළින් තවදුරටත් වැඩිදියුණු කිරීමටත් බලාපොරොත්තු වන බව” එතුමා තවදුරටත් ප්‍රකාශ කර සිටියේය.

නවීන තාක්ෂණය මුසු වූ තාක්ෂණික ක්‍රමවේදයන්ගෙන් සපිරි, වායූ සමීකරණ පහසුකම් හා එකවර පිරිස 50කට පමණ අසුන් ගැනීමට හැකියාව ඇති පුහුණු මධ්‍යස්ථානයක් සතු සියලුම පහසුකම් වලින් අනූන මධ්‍යස්ථානයක් වශයෙන් මෙය ආරම්භ කෙරුණු අතර ආයතනයේ ආදුනික සේවක මණ්ඩලය මෙන්ම ආයතනයේ සේව්‍යයේ යෙදෙන නිලධාරින්ගේ දැනුම, ආකල්ප හා කුසලතා වැඩි දියුණු කිරීමට පහසුවක් සැලසීම, ඔවුන්ගේ නායකත්ව හැකියාව වැඩිදියුණු කිරීම, කණ්ඩායමක් ලෙස වැඩ කිරීමේ හැකියාව වැඩිදියුණු කිරීම, පෞරුෂය වැඩිදියුණු කිරීම සහ විනය වැඩිදියුණු කිරීම වැනි ගුණාංගයන් වැඩිදියුණු කිරීම පිණිස මෙසේ දිවයින පුරා පුහුණු මධ්‍යස්ථාන ආරම්භ කරනු ලබයි. එමෙන්ම මෙහි විශේෂත්වය වන්නේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් අනුමත කරන ලද සණස අධ්‍යාපන මණ්ඩපය සමඟ සම්බන්ධතාවය පවත්වන එකම රක්ෂණ සමාගම වශයෙන්, සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් ආයතනය සණස අධ්‍යාපන මණ්ඩපය හරහා පවත්වා ගෙනයන උපාධි, ඩිප්ලෝමා සහ සහතිකපත් පාඨමාලා සඳහාත් පුහුණු වීම් සඳහා සහභාගී වන නිලධාරින් යොමු කරන්න කටයුතු කිරීමයි. තවද පුහුණුව අවසානයේ බාහිරව පුහුණුව සඳහා සහභාගි වන අයවලුන් සඳහා සණස අධ්‍යාපන මණ්ඩපය ඔස්සේ ලබාදෙන සහතික පත්‍රයක් ලබාදීමට ද කටයුතු කරනු ලබයි.

More from ව්‍යාපාරික පුවත්More posts in ව්‍යාපාරික පුවත් »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *