Press "Enter" to skip to content

ලංවිම කෝටි 20,000ක වියදම් වැඩියෙන් පෙන්නලා

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි ගාස්තු සංශෝධනය කිරීමේ යෝජනාවලියේ රුපියල් කෝටි 20,000 ක (බිලියන 200) පමණ වියදම් වැඩියෙන් ඉදිරිපත් කර ඇති බවත් එම වැඩි කළ වියදම් ඉවත් කළ පසු සියයට 25 ත් 30 ත් අතර ප්‍රතිශතයකින් විදුලි ගාස්තු පහළ දැමීමේ හැකියාව ඇති බවත් ලංවීම ගාස්තු යෝජනාව සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිසම නිකුත් කළ උපදේශන පත්‍රිකාවෙන් අනාවරණය කර තිබේ.

විදුලිබල මණ්ඩලය පසුගිය වසරේ ලැබූ රුපියල් කෝටි 4,800 ක පමණ ලාභය මෙම මිල සංශෝධන යෝජනාවලියෙන් සම්පූර්ණයෙන්ම අතහැර ඇති බව කියන එම පත්‍රිකාව සම්ප්‍රේෂණ වියදම් ලෙස රුපියල් කෝටි 9,500 ක සහ අතිරේක වියදම් කෝටි 20,000 ක් සහ හදිසි මිලදීගැනීම්වලට ද විශාල වියදමක් එකතු කර ඇතැයි වාර්තා වේ.

ලංකා විදුලි පෞද්ගලික සමාගම හෙවත් ලෙකෝ සමාගමේ වියදම් පිළිබඳව ගැටලුවක් ඇති බවත් විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කර ඇති වියදම් තව දුරටත් සමාලෝචනය කළ යුතු බවත් එම පත්‍රිකාවේ සඳහන් වේ.

විදුලිබල මණ්ඩලය සියයට 3.34 ක විදුලි ගාස්තු සංශෝධන යෝජනාව පසුගිය 13 වැනිදා පස්වරුවේ භාරදුන් අතර ඒ සම්බන්ධයෙන් මේ වන විට මහජන අදහස් ගනිමින් සිටින බවත් ගාස්තු සංශෝධනය ලබන මස මැද වන විට ක්‍රියාත්මක කළ හැකි බවත් එම පත්‍රිකාව වැඩි දුරටත් කීයයි.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *