Press "Enter" to skip to content

කොළඹ නගර සභාවේ ප්‍රථම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනිය ලෙස ගීතිකා රත්නවර්ධන මහත්මිය පත්වේ

කොළඹ නගර සභාවේ1902 පිහිටුවනු ලැබූ ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රථම ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනිය (CMOH) ලෙස එහි නියෝජ්‍ය ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනිය ලෙස සේවය කළ වෛද්‍ය ශාන්ති ගීතිකා රත්නවර්ධන මහත්මිය පසුගියදා (19) පත්වූවාය.ඇය කොළඹ මහ නගර සභාවේ 13 වන ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියාය.

1991 කොළඹ මහ නගර සභාවේ සේවයට එක් වූ වෛද්‍ය රත්නවර්ධන මහත්මිය 2000 සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනියක ලෙසත් 2014 දී නියෝජ්‍ය ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ලෙසත් පත් වී වසර තිස්තුනක් (33) කොළඹ මහ නගර සභාවේ සේවය කර ඇත.ඇය කොළඹ මියුසියස් විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවකි. කොළඹ හේලිස් සමාගමේ ව්‍යාපෘති උපදේශක ජයන්ත ගුරුගේ මහතා ඇයගේ සැමියාය.

More from දේශීය පුවත්More posts in දේශීය පුවත් »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *