Press "Enter" to skip to content

සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් 2023 වසරේදී 53%ක වාර්තාගත වර්ධනයක් අත් කර ගනී

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රක්ෂණ සමාගමක් වන සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම 2023 වසරේදී 53%ක වාර්තාගත වර්ධන වේගයක් අත් කර ගනිමින් ශ්‍රී ලංකාවේ ඉහළම වර්ධනය සහිත රක්ෂණ සමාගම බවට පත් වෙමින් සිය ඉතිහාසයේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කළේය. රක්ෂණ අංශ ලෙස ගත් කළ 2022 වසරට සාපේක්ෂව 2023 වසරේදී ගිනි සහ ඉන්ජිනේරු රක්ෂණ අංශයේ 90%ක වර්ධනයක්ද, වෛද්‍ය රක්ෂණ අංශයේ 315%ක වර්ධනයක්ද, මෝටර් නොවන රක්ෂණ අංශයේ 42%ක වර්ධනයක්ද, මෝටර් රක්ෂණ අංශයේ 56%ක වර්ධනයක්ද වාර්තා කිරීමට සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම සමත් විය.

“මෙම වාර්තාගත වර්ධනය සඳහා දායකත්වය සැපයූ අපගේ සියලුම කාර්යය මණ්ඩල සාමාජිකයන්ටත්, අප කෙරෙහි නිරන්තර විශ්වාසය තැබූ අපගේ වටිනා පාරිභෝගිකයන්ටත් මේ අවස්ථාවේ මාගේ විශේෂ ස්තූතිය ප්‍රකාශ කරනවා. ඉදිරියේදී මෙම වර්ධනය තව දුරටත් ඉදිරියට රැගෙන යමින් පාරිභෝගිකයන්ට තෘප්තිමත් සේවාවක් සැපයීමට අප ආයතනය අපේක්ෂා කරනවා.” සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගමේ සභාපති ටිෂාන් සුභසිංහ මහතා පැවසීය. “රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ රක්ෂණ සමාගම් රැසක් අභිබවා යමින් ඉහළම වර්ධන වේගයක් වාර්තා කිරීමට සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගමට හැකි වීම අප ලැබූ සුවිශේෂ ජයග්‍රහණයක්. ඉදිරියේදී පාරිභෝගික විශ්වාසය තව දුරටත් තහවුරු කර ගනිමින් මීටත් වඩා ඉහළ මූල්‍ය කාර්ය සාධනයක් අත් කර ගැනීමට අප බලාපොරොත්තු වෙනවා.” සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ඉන්දික කිරිවන්දෙණිය මහතා පැවසීය. “සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම විසින් හඳුන්වා දෙනු ලැබූ ඉහළ ප්‍රතිලාභ සහිත රක්ෂණාවරණ සහ රක්ෂණ වන්දි හිමිකම් ගැනීමේදී අප ආයතනය පාරිභෝගිකයන්ට දැක්වූ සුහදශීලිතාව, සහනශීලිතාව සහ කාර්යක්ෂම සේවාව අපගේ වර්ධනයට ප්‍රබල පිටිවහලක් වුණා.” ප්‍රධාන මෙහෙයුම් නිලධාරි වසන්ත පෙරේරා මහතා පැවසීය. “සෑම විටම පාරිභෝගික අවශ්‍යතාවලට මුල් තැන දෙමින් පාරිභෝගික අවශ්‍යතා මනාව වටහා ගනිමින් රක්ෂණ සේවා සැළසුම් කිරීම හා හඳුන්වා දීම අප ලැබූ මෙම වාර්තාගත වර්ධනයට ප්‍රබල හේතුවක් වුණා.” සහකාර සාමාන්‍යාධිකාරි (විකුණුම්) ඩිලාන් ගුණරත්න මහතා පැවසීය.

More from ව්‍යාපාරික පුවත්More posts in ව්‍යාපාරික පුවත් »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *