Press "Enter" to skip to content

ඉදිරි ජල සහ විදුලි සැපයුම ගැන දැනුම්දීමක්

මේ දිනවල පවතින අධික උණුසුම් කාලගුණය හමුවේ ජලය සහ විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන්නැයි ලංකා විදුලිබල මණ්ඩලය සහ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

ජල සම්පාදන මණ්ඩලය පවසන්නේ තවත් මාස දෙකක පමණ කාලයක් මෙම කාලගුණ තත්ත්වය පැවතියහොත් මුර ක්‍රමයට ජලය නිකුත් කිරීමට සිදුවිය හැකි බවය.

දින ගණනක් තිස්සේ තවමත් රට තුළ පවතින්නේ උණුසුම අධික කාලගුණ තත්ත්වයකි.

මේ හේතවෙන්, ජනතාව වෙනදාට වඩා විදුලිය භාවිතයට හුරුවී සිටී.

ඒ හේතුවෙන් මේ දිනවල විදුලි ඉල්ලුම ඉහළ ගොස් ඇති බැවින් විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ලංකා විදුලිබල මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *