Press "Enter" to skip to content

කසල තේ කන්ටේනර් 3 ක් රේගු බාරයට

අපනයනය කිරීමට සූදානම් කර තිබූ කසළ තේ කන්ටේනර් තුනක් ශ්‍රී ලංකා රේගුව භාරයට ගෙන ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍යාංශයේ නිලධාරියෙක් පැවසීය.

එම කසල තේ තොගය අපනයනය කිරීමට ආසන්නව තිබියදී මෙසේ රේගු භාරයට ගෙන ඇති බව සඳහන් කළ එම නිලධාරියා එම කසල තේ අපනයනය කිරීම සඳහා ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ අනුමැතිය ද ලැබී ඇති බව දැනගන්නට තිබෙන බවද සඳහන් කළේය.

මේ ආකාරයටම අපනයනය කිරීමට සූදානම් කර තිබූ කසල තේ කන්ටේනර් හතරක් පසුගිය සතියේ ද බාරයට ගැනීමට ශ්‍රී ලංකා රේගුව කටයුතු කළ බවද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *