Press "Enter" to skip to content

පොහොට්ටුවට ජනපති අපේක්ෂකයන් පහක්

පොදුජන පෙරමුණට මේ වන විට ජනාධිපතිවරණ අපේක්ෂකයන් හතර පස් දෙනෙකුම සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

ප‍්‍රාදේශීය සභාවකටවත් ඉදිරිපත් කිරීමට අපේක්ෂකයන් සොයා ගැනීමට නොහැකි වනු ඇතැයි කිවූ පක්ෂයට අද වන විට ජනාධිපති අපේක්ෂකයින් රැසක් සිටින්නේ යැයිද රාජපක්ෂ මහතා කීය.

ඒ අනුව ඉදිරි ජනාධිපතිවරණයට ජයග්‍රාහී පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට සූදානමින් සිටින බවත් එම අපේක්ෂකයා කවුදැයි පක්ෂයක් ලෙස තවමත් තීන්දු කර නැති බවත් හෙතෙම තවදුරටත් කියා සිටියේය.

හම්බන්තොට දී මාධ්‍ය අමතමින් නාමල් රාජපක්ෂ මහතා මේ බව කීය.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *