Press "Enter" to skip to content

අරගලයෙන් වූ හානිවලට ඉක්මනින් වන්දි ගෙවන්නයි නියෝග

2022 මැයි 09 වැනිදා අරගලකරුවන් විසින් ගම්පහ දිස්ත්‍රික්කයේ ගිනි තබා විනාශ කළ සහ විවිධාකාරයෙන් හානි සිදුකළ නිෂ්චල හා චංචල දේපොළවලට අදාළව වන්දි ගෙවීම් කඩිනමි කරන ලෙසට ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, ප්‍රසන්න රණතුංග මහතා හානි පූර්ණ කාර්යාලයට හා තක්සේරු දෙපාර්තමේන්තුවට අද (27) උපදෙස් දුන්නේය.

අමාත්‍යවරයා සඳහන් කළේ මේවනවිට ගිනි තබා විනාශ කරන ලද නිවාස 42කින් නිවාස 33ක් සඳහා හානි පූර්ණ කාර්යාලය මඟින් වන්දි ලබාදී තිබෙන බවයි.

අරගලකරුවන් ගම්පහ දිස්ත්‍රික්කයේ ගිනි තබා විනාශ කළ සහ විවිධාකාරයෙන් හානි සිදුකළ නිෂ්චල හා චංචල දේපොළවලට අදාළ වින්ධිතයන්ට වන්දි ලබාදීම පිළිබඳව විශේෂ සාකච්ඡාවක් ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ අරගලයෙන් වැඩිම හානි සිදුව ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයට බවය.

වන්දි ලබාදීමේදී නිෂ්චල හා චංචල දේපළ වශයෙන් කොටස් දෙකකට තක්සේරු කිරීම් සිදුකරනු ලැබේ.

ගම්පහ දිස්ත්‍රික්කයේ නිවාස හා දේපළ හානියට පත්වීම සම්බන්ධයෙන් වාර්තා වී ඇති සිද්ධීන් ගණන 162කි.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *