Press "Enter" to skip to content

GFlock නවතම ශාඛාව ගාල්ලේ

එකම සන්නාමයක් යට‍තේ ශ්‍රී ලංකාවේ දැවැන්තම නිමි ඇදුම් ප්‍රදර්ශනාගාරයන් පවත්වාගෙන යන පාරිභෝගික විශ්වාසය දිනූ GFlock සිය ව්‍යාපාර මෙහෙයුම් කටයුතු පූළුල් කරමින් නවතම ශාඛාව ගාල්ල නගරයේදී අද(04) විවෘත කරනු ලැබීය.

GFlock ආයතනයේ සභාපති රනිල් විල්ලද්දරගේ මහතාගේ ප්‍රධානත්වයෙන් නවතම ශාඛාව විවෘත කරනු ලැබීය.

පාරිභෝගිකයින් වෙත නිමි ඇදුම් කේෂ්ත්‍රයේ නවුම් අද්දැකීමක් සහිතව නවීන විලාසිතා වලින් හා නවීන පහසුකම් වලින් යුක්තව නව ශාඛාව විවෘත කරනු ලැබීය. දේශීය හා ජාත්‍යන්තර වශයෙන් පාරිභෝගිකයින් අතර විශ්වාසයට හා කීර්තියට පත් නිමි ඇදුම් නිෂ්පාදනයේ අංක එකේ දේශීය සන්නාමයක් වන GFlock සිය ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් බස්නාහිර පළාතෙන් බැහැරව විවෘත කරනු ලැබූ පළමු ශාඛාවයි.

සම්ප්‍රදායන් අතික්‍රමණය කරමින් නවීනතම විලාසිතා හා විවිධ මෝස්තර වලින් අනූන නිමි ඇදුම් පාරිභෝගිකයින්ට අවශ්‍ය පරිදි තෝරා ගැනීමට අවශ්‍ය පහසුකම් සලසා දී තිබේ. උසස් තත්තවයෙන් යුතු අමුද්‍රව්‍ය භාවිතා කරමින් හා තරුණ නිර්මාණශීලින්ගේ අද්දැකීම් ඔස්සේ නිර්මාණය කරන ලද නවීන විලාසිතා වලින් අනූනය. නවතම දෘශ්‍ය වෙළඳ තාක්‍ෂණයෙන් සමන්විතය. වඩා කැපී පෙනෙන වෙනසක් සහිතව නිර්මාණශීලි නිමි ඇඳුම් තෝරා ගැනීමට සහ මිලදී ගැනීමට, සුහදශීලි කාර්ය මණ්ඩලයකගේ මඟපෙන්වීම හා පූළුල් සේවාවක් ගෞරවණීය පාරිභෝගිකයින්ට ලබා දීමට කටයුතු යොදා තිබේ.

වසර දහයකට අධික කාලයක් දේශීය හා විදේශීය පාරිභෝගික හදවත් දිනාගනිමින් GFlock සන්නාමය ඔවුන් වෙත සමීප වී තිබේ. වර්තමානය වන විට දේශීය හා ජාත්‍යන්තරව ප්‍රමුඛ පෙළේ සන්නාමයක් බවට GFlock පත්ව තිබේ. නිර්මාණශීලි තරුණ තරුණියන්ගේ දැනුම, අද්දැකීම් හා මඟ පෙන්වීම යටතේ ශ්‍රී ලාංකාවේ ජාතික ආර්ථිකය ශක්තිමත් කිරිමට දායකත්වය ලබා දෙන දේශීය සන්නාමයක් ලෙස GFlock පෙන්වා දිය හැකිය.

පරාර්ථකාමීත්වය, විනය, අධිෂ්ඨානය, උත්සහය හා අවංකභාවය යන පරමාදර්ශයන් පෙරදැරි කොටගෙන ගනුදෙනුකරුවන්ගේ අයිතිවාසිකම් සහ අවශ්‍යතාවලට ගරු කරමින් GFlock කණ්ඩායම සිය මෙහෙයුම් කටයුතු අඛණ්ඩව සිදු කරයි. GFlock ශාඛා ජාලය කොල්ලුපිටිය, පැලවත්ත, මීගමුව, දෙල්කඳ, වත්තල හා ගාල්ල යන ස්ථානයන්හි පාරිභෝගිකයින් වෙනුවෙන් විවෘතව පවතී.

More from ව්‍යාපාරික පුවත්More posts in ව්‍යාපාරික පුවත් »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *