Press "Enter" to skip to content

2024 සණස රක්ෂණ නියෝජිත සමුළුව අභිමානවත් අයුරින් පැවැත්විණි

සිය අලෙවි බලකායේ අති විශිෂ්ටයන් ඇගයීම සඳහා සණස රක්ෂණ සමාගම් ඉතිහාසයේ ප්‍රථම වතාවට අලෙවි නියෝජිතයන් ඒකරාශි කොටගනිමින් පැවැත්වූ “සණස රක්ෂණ නියෝජිත සමුළුව” පසුගිය 05 වන දින සණස කැම්පස් පරිශ්‍රයේ අභිමානවත් අන්දමින් පැවැත්විණි. ‘ලොව දිනන හෙට දිනකට’ යන්න තේමා කොට ගනිමින් පැවැත්වූ මෙම වැඩසටහන සඳහා දිවයින පුරා සේවයේ යෙදෙන සණස රක්ෂණ අලෙවි නියෝජිතයන් 1500කට වැඩි ප්‍රමාණයක් සහභාගී විය.

සණස නායක විශ්ව ප්‍රසාදිනි ආචාර්ය පී. ඒ. කිරිවන්දෙණිය මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ මෙහි, ප්‍රධාන අභිලාශය වූයේ සණස රක්ෂණ අලෙවි නියෝජිතයන් දිරිගැන්වීම සහ ඔවුන් හා ආයතනය අතර ඇති සුහදතාවය වර්ධනය කිරීමයි.

මෙම අවස්ථාව අමතමින් සණස ලයිෆ් ඉන්ෂුවරන්ස්හි කළමනාකරණ අධ්‍යක්ෂක ඉන්දික කිරිවන්දෙණිය මහතා පවසා සිටියේ “රක්ෂණ ක්ෂේත්‍රයේ දිනෙන් දින වැජඹෙන අප ආයතනයට මේ තරම් සාර්ථකත්වයක් ලඟා කර ගැනීමට මෙපමණ කාලයක් නියෝජීතවරුන් දැක්වූ කැපවීම අගය කොට සලකන බවත්, මේ සමුළුවේදී ලබාදෙන ඇගයීම් ඒ සඳහා දක්වන කෘතවේදීත්වයේ කොටසක් බවත් ය. එමෙන්ම නියෝජිතවරුන් විවිධ අභියෝගයන් හමුවේ ආයතනය කෙරෙහි විශ්වාසය තබාගෙන සිය දායකත්වය මේ දක්වා නොවෙනස්ව පවත්වාගෙන ආ බවත්, ඉදිරියේදිත් මෙවැනි අති උත්කර්ෂවත් අන්දමින් ඔබව ඇගයීමට අපත් සමඟ රැදෙමින් තම දායකත්වය නොඅඩුව දක්වන ලෙසත්” වැඩිදුරටත් පවසා සිටියේය.

මෙහිදි නියෝජිතවරුන් දැක්වූ කැපකිරීම හා ඔවුන්ගේ සේවය අගයා සම්මාන ලබාදුන් අතර සිය සහෝදර විකුණු බලකාය ඉදිරියේ, ඔවුන්ගේ සාර්ථකත්වය ඇගයීමට ලක් කිරීම උදෙසා මේ සමුළුවෙදී සියලු ජයග්‍රහකයන්ට වටිනා ත්‍යාග රැසක් හිමිකරදෙන ලදී. විචිත්‍රවත් අංගයන්ගෙන් පිරි මේ සමුළුව, විකුණුම් බලකායේ සියලු සාමාජිකයන්ගේ උද්‍යෝගිමත් සතුටු හමුවක් ලෙස සනිටුහන් විය.

ඨරු්එ ඡක්ජැ එද උදරන ඇතුළු දෙස් විදෙස් සම්මාන රාශියක් දිනා ගනිමින් සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගම රක්ෂණ ක්ෂේත්‍රයේ දැවැන්ත වෙනස්කම් රැසක් සිදුකරමින් සිටින අතර මේ දිනවල තම ව්‍යාපාර කටයුතු දිවයිනේ සෙසු ප්‍රදේශවලටත් පුළුල් කිරීමේ අරමුණින් තම රැකියා අවස්ථා ඔස්සේ දක්ෂ වෘත්තිකයින් රටට දායාද කරමින් සිටි. සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් ආයතනය තම ශාඛා ජාලය පුළුල් කිරීමේ කටයුතු තවදුරටත් සිදුකර ගෙන යනු ලබන අතර මේ වනවිට ශාඛා 100 ආසන්න ප්‍රමාණයක් දිවයින පුරා ව්‍යාප්ත කර ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සුවිශේෂි දායකත්වයක් සපයමින් සිටියි.

More from ව්‍යාපාරික පුවත්More posts in ව්‍යාපාරික පුවත් »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *