Press "Enter" to skip to content

අවුරුදු කන්න මැති ඇමැති විස්සක් රට යති

මැති ඇමතිවරුන් විස්සකට වැඩි පිරිසක් විදේශගතව සිටින බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.

මින් බොහෝ පිරිසක් විදේශගතව ඇතැයි පැවසෙන්නේ අවුරුදු නිවාඩුව ගත කිරීම සඳහාය.

හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත, රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ, රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් සහ මන්ත්‍රී ජනක බණ්ඩාර තෙන්නකෝන් මෙසේ විදේශගතව සිටින මැති ඇමතිවරුන්ගෙන් කිහිප දෙනෙකි.

සමහර මන්ත්‍රීවරුන් විදේශයන්හි අධ්‍යාපනය ලබන සිය දූ දරුවන් දැක බලා ගැනීම මෙසේ ගොස් සිටින බව පැවසේ.

පාර්ලිමේන්තුව ඉකුත් 3 වැනිදා අවසන් වරට රැස්වීමෙන් පසු ලබන 24 වැනිදා දක්වා කල්තැබිණ. මේ අනුව සති තුනකට ආසන්න කාලයක් මන්ත්‍රීවරුන්ට නිවාඩු ලැබී ඇත.

මේ අතර මන්ත්‍රීවරු තවත් පිරිසක් අවුරුදු නිවාඩුව ගත කිරීම සඳහා නුවරඑළියට ගොස් සිටිති.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *