Press "Enter" to skip to content

දමිතා – සැමියා යළි රිමාන්ඩ්

කොරියන් රටේ වීසා ලබාදෙන බවට පවසා රුපියල් ලක්ෂ තිහක වංචාවක් සිදු කළේ යැයි කියන රංගන ශිල්පීනි දමිතා අබේරත්න හා ඇගේ සැමියා වන ලෙන්ලි ජොන්සන් ලබන 24 දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා නියෝග කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

දමිතා අබේරත්න සහ ඇගේ සැමියා පසුගිය 04 වෙනි දින කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ ඉදිරිපිට දී රහස් පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබිණි.

සැකකරුවන්ට එරෙහි විමර්ශනය සංකීර්ණ හා දීර්ඝ බැවින් යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ඉල්ලා සිටි රහස් පොලිසිය සාක්ෂි සම්පින්ඩන වාර්තාවක්ද අධිකරණයට ඉදිරිපත් කළේය.

සැකකරුවන්ගේ වත්කම් අනාවරණය කර ගැනීමට බැංකු වාර්තා කැඳවා ඇති බවද පොලිසිය අධිකරණයට පැවසීය.මෙම නඩුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග කිරීමේදී අධිකරණ බලය පිළිබඳ ගැටලුව මතුවන බව විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කරුණු දක්වමින් පැවසීය.

More from දේශීය පුවත්More posts in දේශීය පුවත් »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *