Press "Enter" to skip to content

සංචාරකයින්ට අද සිට ‘ඊ වීසා’

සංචාරකයින්ට ‘ඊ වීසා’ නිකුත් කිරීම අද (17) සිට ක්‍රියාත්මක කරන බව ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා පැවසීය.

මෙම ව්‍යාපෘතිය ආරම්භයේදී භාෂා පහකින් ‘ඊ වීසා’ අයදුම් කිරීමේ හැකියාව අඇති බවත් ඒ අනුව ඕනෑම රටක සිට ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින්ට පමණක් ඊ වීසා නිකුත් කරන බවත් ඉලුක්පිටිය මහතා කීය.
සියලුම වීසා වර්ගවලට ඔන්ලයින් තාක්ෂණය පාවිච්චි කර අයදුම් කිරීමේ හැකියාව ඇති කරන බවත් රටේ ජාතික ආරක්ෂාව ගැන සැලකීමේදී වඩාත් වැඩි ලේඛන ප්‍රමාණයක් ගැනීම ආදිය සළකා භාෂා 5 කින් ක්‍රියාවලිය පවත්වාගෙන යන බවත් ඒ මහතා සඳහන් කළේය.

ඉදිරි සති කිහිපය තුළ අධ්‍යාපනික සහ ව්‍යාපාරික ආදි සියලු වීසා කාණ්ඩවලට මෙම ක්‍රමය හඳුන්වා දීමට බලාපොරොත්තු වන බව කී ඉලුක්පිටිය මහතා නිත්‍ය පහසුකම් වීසා සඳහා තොරතුරු ලබාගෙන තාක්ෂණයෙන් දියුණු ක්‍රම භාවිතයට ගැනීමට නියමිතව බව ද ඒ මහතා සඳහන් කළේය.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *