Press "Enter" to skip to content

විදෙස් නඩු තීන්දු පිළිගන්න අලුත් නීතියක්

විදේශීය නඩු තීන්දු අන්‍යෝන්‍ය වශයෙන් පිළිගැනීම, ලියාපදිංචි කිරීම සහ බලාත්මක කිරීම සම්බන්ධයෙන් නව නීතියක් හඳුන්වාදීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

ඒ අනුව විවාහයක් විසුරුවා හැරීම හෝ අවලංගු කිරීම හෝ විවාහයේ පාර්ශවයන් වෙන්වීම සඳහා ප්‍රදානය කරන ලද විදේශීය නඩු තීන්දුවක් පිළිගැනීම සහ ලියාපදිංචි කිරීම සඳහා වන විධිවිධානද ඇතුළත් කරමින් විදේශ නඩු තීන්දු අන්‍යෝන්‍ය පිළිගැනීම ,ලියාපදිංචි කිරීම සහ බලාත්මක කිරීම පිළිබඳ පනත් කෙටුම්පත නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ තිබේ.

එකී පනත් කෙටුම්පත සඳහා නීතිපතිගේ අවසරය ලැබී ඇතැයි රජය කියයි.

ඒ අනුව එකී පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත් අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *